සුරතන්තය ගැන හරියටම දැනගන්න




ඔබත් විවාහක කාන්තාවක්, පිරිමි පුද්ගලයකු හෝ ජීවිතේ ලිංගික තෘප්තිය විදි කෙනෙක් නං සුරතන්තය (ORGASM) පිළිබඳව දන්නවා ඇතී.සුරතාන්තය කියන්නෙ පිරිමි පුද්ගලයෙක් සහා කාන්තාවක් ලිංගික සංසර්ගයෙ යෙදෙන විට ලැබෙන උපරිම තෘප්තිමත් අවස්තාවටයි. මේ අවස්තාව සුරතන්තය  ( සුරාන්තය) කියලා හදුන්වන්නේ. 

කොහොමද මේ තත්ත්වයට කාන්තාවක් /පුරුෂයෙක් පත් වෙන්නෙ.

ලිංගික ක්‍රියාවක් සිදු කිරිම සදහා පුරුෂයා /කාන්තාව මානසිකව සහ කායිකව සූදානම්  වෙන්න ඕනේ.

කායිකව සහ මානසිකව එම ක්‍රියාව සදහා සුදානම් වු මෙම යුවල,

* පිරිසිදුව ආකර්ශනීය ආකාරයට සිටිය යුතුය.

* දෙදෙනා අනුරාගී වචනවලින් කතා කළ යුතුයී.

* සුදුසු ස්ථානයක් තොරා ගත යුතුයි .

* සුදුසු ඉරියව්වක් තොරා ගැනිම 

මෙම අවස්ථාවේ දී මොළය මගින් සතුට ඇති කරන හෝමෝන වන

1.ඩොපමින් - Dopamine

2. ඔක්ෂිටොසින් - Oxytocin

3. එන්ඩෝෆීන් - Endorphin 

හෝමෝන සක්‍රිය විම සමගම කාන්තාව / පුරුෂයාගේ ලිංගික අවයවය වන යෝනිය/ශිෂ්නය ලිංගික ක්‍රියාවලිය සදහා සුදානම් විමක් සිදුවේ.මෙහිදී පුරුෂයාගේ ශිෂ්නයට හොද රුධිර සැපයුමක් ලැබී ශිෂ්නය සෘජු /දෘඩ බවට පත් වේ . ඒ සමගම ලිහිසි ශ්‍රාවයක් පිටවේ.  මෙම ශ්‍රාවය මගින්  ලිංගික ක්‍රියාව සිදුකිරීමට පහසු වේ.

කාන්තාවකගේ යෝනී මාර්ගයෙන් ලිංගික තරලයක් පිට වේ.මේ අවස්තාථාවේ දී යුවල අතර  අනුරාගී බැල්ම, සිපගැනිම්, ස්පර්ෂය වැනි ක්‍රියාකාරකම් මගින් ලිංගික උත්තේජනය තව දුරටත් වර්ධනය කෙරේ.පිරිම් පුද්ගලයකුගේ ලිංගික සංවේදනය උපරිම දැනෙන ස්ථානය ශිෂ්නය මුන්ඩ (Glans of Penis) නැමති ස්ථානයයි. 

85 % පමණ කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය උපරිම දැනෙන ස්ථානය  භගය (Clitoris) නැමති ස්ථානය ස්පර්ශ කිරිමෙන් ( යෝනි මාර්ගයට ඉහලින් ඇති කුඩා කොටස) 10-15% ප්‍රමාණයක් යෝනි සංසර්ගය (G-Spot) මගින් උත්තේජනයට ලක්වේ.

පිරිමි පුද්ගලයකුට මෙම සුරතන්තය එක් ලිංගික හැසිරිමකදී එක් වතාවක් පමණක් සිදූවේ.කාන්තාවකට මෙම උත්තේජන අවස්ථා කිහිපයක් විය හැකිය.මෙම නිසා සැම විටම පුරුෂයා සහා කාන්තාව යන දෙදෙනාම මෙම ක්‍රියාව සාර්ථකව සිදුකර ගැනිමට හැකියාව ඇත.මෙම සුරතන්ත අවස්තාවට පත්වීමේදී පුරුෂයාගේ පුරස්තී ග්‍රන්ථි, ශිෂ්නය උත්තේජනය උපරිමයට පැමිණ ශුක්‍රානු නිදහස් විම සිදූ වේ මෙය තත්පර 3-7 අතර කාලයක දී සිදුවේ.  මෙම නිදහස් විමත් සමගම ප්‍රතිරෝධි කාලයක් එළැඹේ. මෙම කාලය තුළ නැවත ලිංගික ක්‍රියාවකට එළැඹීමට හැකියාව නැත.කාන්තාවකට සුරතාන්තය තත්ත්වයට පත් විමේදී  යෝනිය, ගර්භාෂ බිත්තිවල,  මාංශපේෂිවල ක්‍රියාකාරිත්වය සිදු  වු පසූ මෙම සමහර කාන්තාවන්ට යෝනී ශ්‍රාවයක් පිට වන අතර මෙය තත්පර 15-25 වැනි කාලයක් සිදුවේ.නමුත් සියල්ලටම එසේ සිදු නොවේ.

පුරුෂයන්ට මෙන් නොව කාන්තාවන්ට ප්‍රතිරෝධි අවස්ථා කිහිපයක් තිබිය හැකිය.සැම පුද්ගලයකුම ලිංගික ක්‍රියාව සිදු කරන්නෙ ලිංගික අවයවය ශිෂ්නය/යෝනිය වුවද මෙය පාලනය සිදු කරන්නෙ මොළයෙන් බව වටහාගත යුතුයි.ඒ බැවින් ලිංග ඉන්ද්‍රිය විශාල විම, කුඩා විම, දිග විම, කෙට් විම යන කාරණා බලපාන්නෙ නැත.සෑම ලිංගික ක්‍රියාවක දීම  සුරතන්තයට පත්විය යුතු නැත. නමුත් ඔබ විවාහක දරුවන් සිටින කාන්තාවක් වුවත් ජිවිත කාලෙටම එක සුරතන්තයකට හෝ පත්වි නොමැති විය හැකිය.තම සහකරු /සහාකාරිය සමග තමන්ගේ ලිංගික ජිවිතය සාර්ථක කර ගැනිමට මේ පිළිබඳව අවස්ථාව ලද සැම විටම  සාකච්ඡා කරන්න. 

සෑම ලිංගික ක්‍රියාවකම අවසානෙදි ඔබගේ බිරිදගෙන් / සහකාරියගෙන් විමසන්න ප්‍රමාණවත් පරිදි තෘප්තියක් ලැබුවාද යන්න. එය ඇයට සහනයකී. 


සැම සුරතන්තයක් අවසානයෙදී 

* මානසික තෘප්තිය 

* කායික තෘප්තිය 

* කාන්තාවන්ට ආරක්ෂිතබව

* ආදරණීය හැගිමක් ඇති වේ. 


එකිනෙකාට ගෞරවයෙන්, ආදරයෙන්, තෘප්තිමත්ව  ලිංගික ජීවිතේ විදීමට නම් මේ සියලුම දේ පිළිබඳව දැනූවත් වීම ඉතාමත් වැදගත් වේ.


Comments