දරුවා නොනවත්වා හඩන්නේ කවර හේතුවක් නිසාද ?

                           දරුවා නොනවත්වා හඩන්නේ කවර හේතුවක් නිසාද ?                          




   සාරාංශය 

    මිට අමතරව මොළයේ උණ , මෙනිංජයිටිස් වැනි තත්ත්වවලදී කුඩා දරුවන්ට වේදනාව ඇති වුවද එය ප්‍රකාශ කිරීමේදී හැකියාවක් නොමැති විය හැකියි . ඒ නිසා හැඬිිිිිිමට හැකියි . මෙම රෝගී තත්ත්වයේදී දරුවන්ගෙන් ඇතැම් දෙනෙක් අධික නිදිමත ගතියකින් පෙළීම හෝ කිරි බීම ප්‍රතික්ෂේප කළ හැකි අතර තවත් කොටසක් කිසිදු හේතුවක් නැතිව හැඬිිිිිිම පමණක්ම කළ හැකියි. මේ ආකාරයට දරුවෙක් හඬනවා නම් වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂා කරවා ගැනීම වඩා වැදගත් .

    දරුවා නොනවත්වා හඬන්නේ ඇයි ? 

    දරුවන් හඬන විට නළවා ගන්නට අතීතයේ සිට මව්වරුන්ගේ මුවග රුදෙන එකම යුගායනයට කුමන දරුවෙක් වුවද නැළවෙන්නේ මහා පුදුමයකට වගේ .නමුත් මවටවත් නළවාගත නොහැකි ආකාරයට දරුවා නොනවත්වාම දිගින් දිගටම හඬනවා නම් එහි යම් අස්වාභාවික තත්ත්වයක් ඇති බව කාටත් හොදින් වටහා ගත හැකියි . 

    මුත්‍රා ආසාදනයක් ඇති විට දරුවෙකුට උදරයේ අපහසුතා ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති අතර මේ සදහා ඔවුන් හැඬිිිිිිම මගින් ප්‍රතිචාර දක්වනු ලැබේ . ඒ වගේම බඩේ කැක්කුමට අමතරව මුත්‍රා පිට කිරීමේදී ඇතිවන දැවිල්ල නිසාද ඔවුන් අධික ලෙස හැඬිිිිිිමට හැකි නිසා මව්වරු ඒ පිළිබද හොද අවධානයකින් කටයුතු කළ යුතුයි . 

කනේ ඇති වන ආසාදිත තත්ත්වයන් ? 

    යම් අවස්ථාවකදී දරුවෙකුට කනේ ආසාදනයක් ඇති වුවොත් එය කැස්ස එසේත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් මෙන් පිටතට පෙන්නුම් නොකරන නිසා මව්පියන්ට දරුවාගේ රෝගී තත්ත්වයක් මෙන් පිටතට පෙන්නුම් නොකරන නිසා මව්පියන්ට දරුවාගේ රෝගී තත්ත්වයහදුනාගැනීමේ හැකියාවක් නොමැතිවිය හැකියි .ඒ නිසාවෙන් අප වෙත රුගෙන පැමිණෙන දරුවන් ඉතා තදීන් හැඬිිිිිිමට හැකියි. ඒ නිසාවෙන් අප වෙත රුගෙන පැමිණෙන දරුවන් ඉතා අධිකව හඬනවා නම් ඔවුන්ගේ කන් පරික්ෂා කර යම් ආසාදිත තත්ත්වයක් තිබෙනවාද නැද්ද යන බව අදාළ වෛද්‍ය උපකරණ භාවිතා කරමින් මූලිකව විමසා බලනු ලබනවා . ඇතැම් විට මාසයක් පමණ ගත වීමෙන් පසුව දරුවෙක් කායික රෝග හේතුවක් නොමැතිව වූවද හැඬිිිිිිමට හැකියි . ඒ හිදී අදාළ දරුවාට ඒකාකාරී බව නිසා ඇතිවන නොරිස්සුම් සහගත බව ඇඬිිිිිිම මගින්  බොහෝදුරට ප්‍රකාශ කරවිය හැකියි . 

කලාතුරකින් දරුවන්ට ඇතිවිය හැකියි දරුණු රෝග අවස්ථා නිසාත් දරුවන් හඬන අවස්ථා මොනවාද ? 

    මොළයේ උණ , මෙනිංජයිටීස් වැනි තත්ත්වවලදී කුඩා දරුවන්ට වේදනාව ඇති වුවද එය ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති විය හැකියි . ඒ නිසා හැඬිිිිිිමට හැකියි .මෙම රෝගී තත්ත්වයේදී දරුවන්ගෙන් ඇතැම් දෙනෙක් අධික නිදිමත ගතියකින් පෙළීම හෝ කිරි බීම ප්‍රතික්ෂේප කළ හැකි අතර තවත් කොටසක් කිසිදු හේතුවක් නැතිව හැඬිිිිිිම  පමණක්ම කළ හැකියි . මේ ආකාරයට දරුවෙක් හඬනවා නම් වෛද්‍යවරයෙකු හමු වි පරික්ෂා කරවා ගැනීම වඩා වැදගත් . බොහෝ විට අලුතින් ඉපදුණුදින 2 ක ,3ක දරුවන් හඬන්නේ කුසගිනි ඇති වීමෙනි . ඇතැම් අලුත් මව්වරු දරුවාට ආධුනික වීම හා දරුවා මවට ආධුනික වීම නිසා නිසිලෙස කිරි නොලැබී යාම මෙම හැඬිිිිිිමට බොහෝදුරට හේතු වේ .මෙවැනි විටෙක දරුවාව මුත්‍රා පිටවන ප්‍රමාණය පිළිබද පරික්ෂා කර බලා යම් අවබෝධයක් ලබාගෙන දරුවා හැඬිිිිිිමට හේතුව පිළිබද නිගමනයට වෛද්‍යවරුන්ට පැමිණිය හැකියි .





Comments