පරිගණකය නිතර භාවිතා කරන ඔබේ දෑස් බොදවේද , විඩාබරවේද ?

                     
          පරිගණකය නිතර භාවිතා කරන ඔබේ දෑස් බොදවේද ,  විඩාබරවේද 



      සාරාංශය 

    අතීතයේ සිට මේ දක්වා විවිධ යුග පසුකරමින් මිනිසා පැමිණි ගමන තවමත් අවසන් වී නොමැති බව අප කවුරුත් හොදින්ම දන්නා කරුණක් . නමුත් ඒ ගමන් මගේ වර් තමාන තත්ත්වය ඉතාමත් සිත් ගන්නා සුලු වගේම පුදුමය දනවන සුලුයි .විශේෂයෙන් තාක්ෂණික වශයෙන් එම ගමන් මග තුළ හිමි වූ ජයග්‍රහණ මේ සදහා මුලිකවම හේතු වනවා වගේම පරිගණකයේ සොයාගැනීම යනු එහි හැරවුම් ලක්ෂයක් වශයෙන් ද හදුනාගත හැකියි .

    පරිගණකය මගින් සිදුවන මෙහෙය ඉතා ඉහළයි . ඒ වගේම විශ්වය පවා තරණය කිරීමට පරිගණකය ආශ්‍රිත තාක්ෂණයට හැකිවීම ඉතා පුදුම සහගතයි . තාක්ෂණයත් සමග දිනෙන් දින මිනිසා ලබන දියුණුව එක් අංශයකින් 
ඔවුන්ගේ ජීවිත යහපත් කරවීමට උපකාරීවනවා හා සමානවම තවත් අංශයකින් ගැටලු ඇති කරවීමටද  හේතු විය හැකියි .  
                          පරිගණකයක් සමග කටයුතු කිරීමේදී ඇස සම්බන්ධිතව ඇතිවන ගැටලු 






    දවසේ වැඩි වෙලාවක් තමාගේ රුකියාවේ ස්වභාවය නිසා ඔබ පරිගණකය සමග ගත කරනවා නම් ඒ නිසා දෑස්වලට විඩාබර බවක් ඇති විය හැකියි . ඒ වගේම ඇස්වල කෙවීම වැනි ගැටලුකාරී තත්ත්වද ඇති විය හැකියි . මීට අමතරව ඔබ සමීපයේ පවතින වස්තුන් නිරීක්ෂණය කිරීමේදී ඇස් බොදවී පෙනෙන්නට ද හැකිවේ .

              ඇස් ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් 

        හිස කැක්කුම වැනි රෝගී තත්ත්වයන් දැකගත හැක .  පරිගණකය සමග වැඩක නිරත වන අවස්ථාවේදී හෝ ඊට පසුව වුවත් ඇතිවිය හැකියි . මීට අමතරව පරිගණක තිරයෙන් ඇස් නිදහස් කරගෙන යම් වස්තුවක් නැවත නිරීක්ෂණය කරන විට ඇස නාභිගත කරවීමේදී වැඩි කාලයක් ගත කිරීමට සිදු වේ . තවද පරිගණක තිරයක් ඉදිරිපස වැඩි කාලයක් ගත කිරීමේදී ඇස් ආශ්‍රිතව ඇතිවන තවත් ගැටලුකාරී තත්ත්වයක් ලෙස ඇස්වල පවතින දැවිල්ලද සුලබව දැකගත හැකියි වේ . එසේම වර් ණ ග්‍රහණය කර ගැනීමේ අපහසුතා වගේම යම් වස්තුවක් නිරීක්ෂණය කරන විට ආසාමාන්‍ය ලෙස දිලිසීම හා එය දැකීමට ඇතිවන බාධාව ආදී ගැටලු ඇති විය හැකියි . මීට අමතරව කදුළු ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය හීන වීම මෙන්ම ඇති කරන Dry Eye තත්ත්වය වගේම වැඩි වශයෙන් ඇසට කදුළු ඉනීමේ ස්වාභාවයක් ද ඇති විය හැකියි . 







Comments