පිළිකා හඳුනා ගැනීමට ඔබ යා යුත්තේ කොතැනට ද?



පහත සඳහන් ඕනෑම ස්ථානයකින් ඔබට පිළිකාවක් වැළඳී තිබෙන්නේදැයි නොමිලේ ම පරික්ෂා කිරීමට අවස්ථාව තිබේ.

සුවනාරි සායන

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිතව 1,000කට අසන්න සායන සංඛ්‍යාවක් පැවැත්වේ. කාන්තාවන්ගේ මුඛ, පියයුරු සහ ගැබ්ගෙළ පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කරයි. වයස අවුරුදු 35 -45 අතර කාන්තාවන් අනිවාර්යයෙන් යොමු වීම වැදගත් ය.

නවදිවි සායන

රජයේ රෝහල් ආශ්‍රිතව සායන 1,200ක් පමණ පැවැත්වේ. වයස අවුරුදු 35ට වැඩි ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයට ම යොමුවිය හැකි ය.

පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන 5ක් ක්‍රියාත්මක වේ.

  • නාරාහේන්පිට
  • මාතර
  • යාපනය
  • මඩකලපුව
  • රත්නපුර

පියයුරු පිළිකා සායන

  • මෙම සායන 26ක් පමණ ක්‍රියාත්මක වේ.
  • ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනවල රැඳී නොසිට ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම සඳහා ආරම්භ කර ඇත.

මීට අමතරව ඕනෑ ම ශල්‍ය සායනයක් හෝ රජයේ රෝහලක් වෙත යාමෙන් ඔබට පිළිකා තත්ත්වයන් මුලින් හඳුනාගෙන ඒවා සුව කර ගැනීමේ හැකියාව පවතියි.


ජාතික පිළිකා මර්දන වැඩසටහනේ මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරිනි.... 

Comments