ස්පොන්ජ් කැබැල්ලක් යනු බැක්ටීරියාවලට පාරාදීසයකි. ඒවා උණුසුම්, තෙතමනය සහිත ක්ෂුද්‍ර ජීවීන්ට පෝෂ්‍යදායී ආහාර කැබලිවලින් පිරී තිබේ.
2017 දී, ජර්මනියේ ෆර්ට්වැනන් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන මාර්කෝස් ඊගාර්ට් විසින්, මුළුතැන්ගෙයි ස්පොන්ජ් කැබලිවල බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ නව දත්ත ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු එම ස්පොන්ජ් කැබලිවල ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 362ක් සොයා ගත් අතර, ඇතැම් ස්ථානවල බැක්ටීරියා ඝනත්වය වර්ග සෙන්ටි මීටරයකට ක්ෂුද්‍ර ජීවීන් බිලියන 54කට ආසන්න විය."මේක සැහෙන්න ලොකු ප්‍රමාණයක්. මනුස්සයෙක්ගේ මළපහ සාම්පලයක තියෙන බැක්ටීරියා සංඛ්‍යාවට මේක සමාන යි," ඊගාර්ට් පවසයි.
ස්පොන්ජ් කැබලි සිදුරුවලින් පිරී ඇති අතර, එම එක් එක් සිදුරු ක්ෂුද්‍ර ජීවීන් ප්‍රජාවකට පදිංචි වීමට අවකාශයක් සපය යි.ස්පොන්ජ් කැබලි නිසැකව ම බැක්ටීරියා සඳහා කදිම නිවසකි. කෙසේ වෙතත්, එයින් අදහස් වන්නේ මෙම මෙවලමෙන් අපට සෞඛ්‍ය අවදානමක් තිබෙන බව නොවේ. අපගේ සම මත, පසෙහි සහ අප අවට වාතය ඇතුළු සෑම තැනක ම බැක්ටීරියා පවතියි. ඔවුන් සියල්ල හානිකර නොවන අතර, සැබවින් ම බොහෝ බැක්ටීරියා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. වැදගත් ප්‍රශ්නය වන්නේ මේ නිසා ස්පොන්ජ්වල ඇති බැක්ටීරියා ගැන කරදර වීමට අවශ්‍ය ද? යන්න ය.
Comments
Post a Comment