කොරෝනාට කොරියාව පරාජය කළ නොහැක


ආසියාවේ සිවුවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියාව එදා පැල්පතේ සිට ⁣මේ තරම් යෝධ සංවර්ධනයකට රට රැගෙන ආවේ තාක්ෂණයේ පිහිටෙන්ම නොවේ. කොරියානුවන්ගෙ ප්රබල ආත්මශක්තියත් නොසැලෙන උත්සහයත් නිසාවෙනි.අද ලෝකයම රුදුරු වෛරසයෙන් පීඩා විදින කල ද ඔවුන්ගේ එකම සටන් පාඨය "කොරෝනාට කොරියාව පරාජය කල නොහැක" යන්නයි.
මෙම මස(පෙබරවාරි) මුල් සතියේ ප්රථම වරට නව එන්ත රැගෙන ආ අතර ඒවා රැගෙන ආ රථවල දිස් වූයේ ඒ ශක්තිමත් කොරියානු වදන් පෙලයි.
කොරෝනාට කොරියාව පරාජය කළ නොහැක
තාක්ෂණික යන්ත්රසූත්ර වලින් ඔබ්බට මිනිස් සන්තානයන්⁣හි නොසැලෙන ආත්මශක්තියත්, විශ්වාසයත් ඔවුන්ගේ එඩිතර බවත් මේ උදාහරණයෙන් මනාවට ගම්යමාන වනු ඇත.
එවන් රටක ඉදිරි අනාගතය ගැන හදවතේ නැගෙන්නේ නිරන්තර ආශිර්වාදයකි.
සියලු කරදර තුරන්වී යලි නැගිටින්නට ඔවුනට හැකිවේවා යන්නත්,ලෝකයටම මෙය ආදර්ශයක් වේවා යන්නත් මෙරටේ ආඩම්බරයෙන් පය තබා ඇවිදින්නෙකු ලෙස මගේ එකම පැතුමයි.
දිලාන් මදුසංක — in South Korea

Comments