එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත ද මෙරටට ගෙන්වීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍යට පැවැසුවාය.
කොවිඩ් මර්ධනයට විවිධ එන්නත් ගැන රජයේ අවධානය යොමු වී ඇති බවත් එන්නත් ලියාපදිංචි කිරීමට නම් ඒ ඒ නිෂ්පාදන ආයතන විසින් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරනු ලැබිය යුතු බවත් ඇය තව දුරටත් සඳහන් කළාය.
ලියාපදිංචිය සඳහා විස්තර එවන්නැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමෙරිකාවේ හයිෆර් ආයතනයට දැනටමත් දැනුම් දී ඇතැයි ද ඇමතිවරිය කීවාය.
Comments
Post a Comment