ඇමරිකාවේ "ජොන්සන් ඇන්ඩ් ජොන්සන්" එන්නතත් නවත්වයි
'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ප්රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අද දින තීරණය කර ඇත . මෙසේ තීරණය කර ඇත්තේ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රා සෙනකා" එන්නත හා සමානව "ජොන්සන් ඇන්ඩ් ජොන්සන්'" එන්නත ලබා ගත් කිහිප දෙනකුගේ රුධිරය කැටි ගැසී ඇති නිසායි .
"ජොන්සන් ඇන්ඩ් ජොන්සන් "එන්නත ලබා ගැනීමෙන් පසු ඇමෙරිකාන ජාතිකයන් 6 දෙනකුගේ රුධිර කැටි ගැසී ඇති බවත්, එම 6 දෙනා රෝහල්ගතව ප්රත්කාර ලබා ගන්නා බවත් වාර්තාවෙන් .තවමත් රුධිරය කැටි ගැසීමෙන් මරණ කිසිවක් සිදු වී නැත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලක්ෂ 68ක් ඇමෙරිකානුවන්ට ලබා දී ඇති බවයි .
'මිලියන ලක්ෂ 68 කට එන්නත් දී 6 දෙනකු රෝගී වුවත් ඒ ගැන අප සැලකිලිමත් වියයුතුයි . තවදුරටත් එන්නත ලබා දීම තාවකාලිකව නවත්වනවා. පුළුල් අධ්යයනයකින් පසු යළි එන්නත්කරණ කටයුතු ආරම්භ කරනවා' යැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මාධ්යට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි .
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වැළැක්වීමට ඇමෙරිකානුවන්ට එරට නිපදවූ එන්නත් 3 ක් ලබා දෙයි. 'ෆයිසර්', 'මොඩර්නා' සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' යනු එම එන්නත් 3 ය. "ජොන්සන් ඇන්ඩ් ජොන්සන්" ඇමෙරිකන් එන්නතකි මෙහි එන්නතේ ඇති විශේෂත්වය වන්නේ මෙය එක් මාත්රාවකින් පමණක් ප්රමාණවත් වීමයි .
Wow. Very Important
ReplyDelete