වස විසෙන් තොර ආහාර භාවිතය ගැන රටේ කතා බහක්





වස විසෙන් තොර ආහාර භාවිතය ගැන රටේ කතා බහක් ඇත .පැරණි කාලයේ ආහාර රටාව යළි ඇතිවිය යුතු බවට අපේ  වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කරති. ඒ ගැන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ අදහස් .  


කෙනෙක් මව්කුස පිළිසිඳගත් දා සිට මැරෙන මොහොත දක්වාම ශ්‍රී  ලංකාවේ අපි  බොන වතුරේ සිට සියලු ආහාර වර්ගවල නෙයෙක් වස මිශ්‍රවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැහැදිලි කරයි .     

අපි අහාරයට ගන්න ධාන්‍ය, එළවළු, පලතුරු සියල්ලකම ජාන විකෘති කර ඇත. ඒවා  පරිබෝජනයෙන් අපේ ශරීරයට විවිධ අසාදන ඇතිකරයි . විවිධ රසායනික පොහොර මිශ්‍ර කිරීම නිරන්තරයෙන්ම සිදු වෙයි. ස්වාභාවිකව හැදෙන ගසකට කෘමීන් සම්බන්ධවීම නිසා ඒ සඳහා කෘමිනාශක හා වල් නාශක යෙදීම සිදු කරනු ලබයි. 


මේ සියල්ලම මහාපරිමාණ ව්‍යාපාරයක් වී ඇත. මෙවන්  ව්‍යාපාරය මගින් රටේ ජනතාවට දෙනු ලබන්නේ හා පුරුදුකරන්නේ  අයහපත් ආහාර සංස්කෘතියකි. වසවිස සහිත පිළිකාකාරක, දියවැඩියාව ප්‍රවර්ධනය කරනු ලබන අයහපත් ආහාර සංස්කෘතියකට ජනතාව බිලිවෙමින් පවතී .   


- විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  -

Comments