අපි අමතක කරපු අපිට අමතක වෙන අපේ ශාක


කැහිපිත්ත ශාකය 

කැහිපිත්ත කොළ හොදින් කොටලා මිරිකලා භාජනයකට දාල ටික වේලාවක් තැබීමෙන් ජෙලි එකක් සෑදෙනවා. එය අහාරයට ගැනීම අම්ලපිත්ත රෝගයට බොහෝ ගුණදායකයි. 

 


පුපුල ශාකය

පුපුල ශාකය අපේ ශරීරයේ ඇති වෙන සෑම කැඩුම් බිදුම් රෝගයක්ම සුවපත් කරන්නට දේශීය හෙළ වෙදකමේදී යොදා ගන්නවා.  






පාවට්ටා ශාකය 
  
පාවට්ටා ශාකය සෙම් රෝගයට දුම් ඇල්ලීම වගේම කසාය වර්ග සෑදීමට කැඩුම් බිදුම් සුවපත් කරන්නට යොදා ගනු ලබනවා.






රත්මල් ශාකය
 
අපේ ශරීරයේ දජ කුෂ්ට වගේ රෝග සුවපත් කරන්නට රත්මල් ශාකය යොදා ගන්නවා. ඒ වගේම කුඩා දරුවන් නාවද්දී යොදා  ගන්නා ජලය පිරිසිදු කරන්න රත්මල් ශාකයේ මල් යොදා ගන්නවා.




මුරුංගා ශාකය 

මුරුංගා කියන්නේ මිනිසෙකු ජිවත් කරවන්න පුළුවන් ප්‍රාණ ජීව ශාකයක්. ප්‍රතිදේහ වර්ධනය කරන බැක්ටීරියා නසන ලෝකයේ එකම ශාකය මුරුංගා. සර්ප විෂ ඇතුලු සියලුම විෂ නසන්නට මුරුංගා යොදා ගන්නවා.මේ ශාකයේ සෑම කොටසක්ම හෙළ වෙදකමේදී යොදා ගන්නවා.

Comments