මේ ලොව සිටින විශිෂ්ටතම සිත්තරා වන්නේ ස්වභාව ධර්මයයි.ඒ දක්ෂකම නිසා අපත් ලෝකයත් වර්ණවත් .සමෙහි පාට යනු අපගේ ආවේණිකත්වයයි.සුදු පැහැ යනු නිරෝගීකමේ වර්ණය බව අදටත් සමාජයේ ඇතැම් පිරිස් අතර මුල් බැස මුල්බැසගත් විශ්වාසයක් තිබේ.නමුත් සුදු යනු නිරෝගීකමේ වර්ණවත් අලංකාරයේ වර්ණවත් නොවන බව මේ වන විටත් සමස්ත ලෝකයේම විවිධ පුද්ගලයන් තහවුරු කර අවසන්. ලෝකප්‍රකට නායකයන් ,ක්‍රීඩකක්‍රීඩිකාවන් , නළු නිළියන් ,නිවේදක නිවේදිකාවන් පමණක් නොව රූප රාජිනියන් පවා ඊට සාක්ෂි දරනු ලැබේ.එසේ මුළු ලෝකයම සාක්ෂි දැරුවත් කිසිදා ගලවාගත නොහැකි පරිදි අදටත් ඇතැම් නව යොවුන් වියේ පසුවන පිරිස් මෙන්ම තරුණ වියේ පසුවන අයගේ සිට මහලු අය දක්වාම සුදු පැහැය යනු සුන්දරත්වයේ හා නිරෝගී නිරෝගීභාවයෙ වර්ණය බව විශ්වාස කිරීම කෙතරම් කණගාටුදායක ද ?කෙතරම් නීති පැනෙව්වත්,අතුරු ආබාධ පිළිබඳ දැනුවත් කළත් පලක් නොවන නිසා මූලික වශයෙන් සිදු කළ යුත්තේ මිනිසුන් අතර ආකල්පමය වෙනසක් ඇති කිරීමයි.
සමේ වර්ණ යනු තම අනන්‍යතාව තහවුරු කරගන්නා දෙයක් මිස එය පෞරුෂත්වයට කිසිවිටකත් බාධාවක් නොවිය යුතුයි.නමුත් බොහෝ දරුවන් ඇතැම් සමාජමය ආකල්ප නිසා සමේ වර්ණය අඩුවීම හේතුවෙන් සමාජයට පවා මුහුණ නොදෙන තත්ත්වයක් දක්නට ලැබීම කණගාටුවට කරුණකි .ඒ නිසාවෙන්ම ඔවුන් ක්‍රමයෙන් තරුණ වියට එළඹීමත් සමඟ තමන්ගේ සම සුදුකර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කිරීමට පෙළඹෙන්නේ නිතැතිනි .ස්වභාව ධර්මය මගින් තමාට උරුම වූ නිරෝගී වර්ණය පසෙකලා විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් සුදු වීමට උත්සාහ දරනු ලැබේ .එම උපක්‍රම බොහෝ දුරට වෛද්‍ය විද්‍යානුකූල නොවන ඒවා වීම ඉතාමත් ගැටලුකාරී.
නිරෝගි සමක් යනු සුදු පැහැති සමක් නොවේ .ඝර්ම කලාපීය රටක ජීවත් වන අපට හිමිව තිබෙන්නේ දුඹුරු පැහැති සමකි .මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ලා දුඹුරු පැහැයේ සිට තද දුඹුරු දක්වා පරාසයක මෙම වර්ණ පරාසය විහිදී ඇත .මේ පැහැය අපට ලැබී තිබෙන්නේ මෙලනින් නැමති වර්ණකය මගිනි .මෙලනින් ප්‍රමාණයෙ අඩු වැඩි වීම් මත සමයෙහි විවිධ වෙනස්කම් ඇති වේ. .සමස්ත ලෝකය පිළිබඳව ම සලකා බැලීමේදී ජානමය බලපෑම මත, පාරිසරික සාධක මත හිරු එළියෙන් ස්වභාවිකවම ආරක්ෂා වීමට මෙලනින් අප වැනි රටවල ජීවත්වන අයට වැඩිපුර හිමි වී තිබේ. නමුත් බොහෝ දෙනා සුදු පැහැ වීමට ඇති කැමැත්ත නිසා ඔවුන්ට හිමිවී තිබෙන මෙලනින් වර්ණකය රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කර ඉවත් කරගනු ලැබේ .මේ හේතුවෙන් සම ඉක්මනින් වියපත් වීම ,රැලි වැටීම පමණක් නොව පිළිකා වැනි භයානක මට්ටමේ ගැටලුකාරී අවස්ථාවන්ට පවා මුහුණ දීමට සිදු වනු ලැබේ .
වර්තමානය වන විට සම සුදුකර ගැනීමට භාවිත කරන ආලේපන වර්ග ,එන්නත් වර්ග සීමාරහිතව වෙළඳපොළෙන් මිලදී ගැනීමේ මට්ටමක් දක්වා තත්ත්වය බරපතළ වී තිබේ .එසේ වුවත් මේවා අතුරෙන් බහුතරයක් ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොර වීම කණගාටුවට කරුණක් .කෙසේ වෙතත් මේ අන්දමින් සම සුදු කර ගැනීමට භාවිතා කරන ඖෂධ හා ආලේපන ප්‍රතිකාර වල අඩංගු රසායනික සංඝටක විවිධාකාරයේ අතුරු ප්‍රතිඵල ඇති කරනු ලැබේ .ඒ හේතුවෙන් වර්තමානයේ බහුල වශයෙන් චර්ම රෝග සායනවලදී අතුරු ආබාධ වලට මුහුණ දුන් පිරිස් දක්නට ලැබේ .මේ තත්ත්ය තවදුරටත් බරපතළ වීමට හේතු වී තිබෙන්නේ අන්තර්ජාලය හා විවිධ මාර්ග ඔස්සේ සිදු කරනු ලබන ප්‍රචාරණ සහ මිලදී ගැනීම් හේතුවෙනි .නිෂ්පාදන වල තිබෙන කෙටි කාලීන ප්‍රතිඵල නිසා බොහෝ පිරිස් මේවාට ඇබ්බැහිවී තිබේ .ඒ අතුරින් ද කාන්තාවන් විශේෂිතයි .
මෙම ආලේපනවල විවිධ රසායනික ප්‍රමිතියකින් තොරව සීමාරහිතව අන්තර්ගත බව මෑතදී කරන ලද සමීක්ෂණ මගින් පැහැදිලි වී තිබේ .කෙසේ වෙතත් මෙවැනි ප්‍රමිතියකින් තොර ලබන නිෂ්පාදන භාවිතා කිරීම නිසා වර්තමානයේ දී සුලභව දක්නට ලැබෙන ගැටලුකාරී අවස්ථා කිහිපයකි පහත ආකාරයට දැක්විය හැකියි .සම රතු වීම, කැසීම ,පාලනය කළ නොහැකි මට්ටමේ කුරුලෑ ,සම තුනී වීම ,සම වියපත්වීම, රැලි වැටීම ,කාන්තාවන්ගේ මුහුණුවල රෝම අදිකව වර්ධනය වීම ආදිය ඉන් කිහිපයකි .තවද මේ ආලේපන වල තිබෙන රසායනික හා බැර ලෝහ නිසා සම හැරුණු විට ශරීරය අනෙකුත් ඉන්ද්‍රියන් ආශ්‍රිතවද පිලිකාඇතිවීමේ අවදානමක් තිබේ .සරලව මෙවැනි රෝග ලක්ෂණ කිහිපයක් පැහැදිලි කලද නිෂ්පාදන භාවිතයෙන් ඇතිවන භයානක ඵල වලට ඉදිරියෙදි මුහුණ දීමට සිදුවිය හැකියි .
කෙසේ වෙතත් ගැටලුව වන්නේ අප මෙවැනි කුමන නිෂ්පාදනයක් භාවිතා කර සම සුදු කර ගැනීමට හෝ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුවත් සමෙහි මතුපිට ස්ථරය දින 28 කට වරක් අලුත් වනු ලැබේ.ඒ නිසා සම මත ආලේපන ගල්වා ඔබ ලබන ප්‍රතිඵල දීර්ඝකාලීනව පවත්වා ගැනීමට දීර්ඝ කාලීනකාලීනව ඔබට එම නිෂ්පාදන භාවිතා කිරීමට සිදුවේ .එසේ දිගු කාලීන භාවිතය මගින් පෙර පැහැදිලි කළ භයානක ප්‍රතිඵලයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි .සැබැවින්ම නිරෝගි සමක් යනු කැලැල් රහිත දීප්තිමත් එකකි .බොහෝ දෙනා මෙහි ප්‍රධාන කාර්ය 77සුන්දරත්වය ලබා දීම යයි සිතුවත් සමක ප්‍රධාන කාර්යය ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ආරක්ෂාව සැපයීමයි .බොහෝදුරට නිරෝගී සමක් පවත්වා ගැනීමට විවේකය ,සමබර ආහාර වේලක් ලබා ගැනීම ,තද හිරු එළියට නිරාවරණය නොවීම යන කරුණු කාරණා වැදගත් වුවත් බොහෝ දෙනෙක් ඒවාට වැඩි අවධානයක් නොදක්වයි .
NICE SAID
ReplyDelete