සැමියාගේ දුම්බීම ගර්භනී මවකට බලපාන්නේ කෙසේද?

මැයි මස 31 වන දිනට යෙදෙන ලෝක දුම්වැටි නිවාරණ දිනයනිමිත්තෙනි

               මවකගේ කුස පිළිසිඳ ගන්නා දරුවා මෙලොව බිහිවන අවසාන මොහොත දක්වාම සැමගේ ආදරය රැකවරණය නොඅඩුව හිමිකර ගනු ලැබේ.නමුත් අවාසනාවට ඇතැම් අය තුළ පවත්නා අයහපත්හුරුපුරුදුකම්නිසාමේසියල්ලඅහිමිවන්නේනොදැනුවත්වමයි.එවැනි හුරුපුරුදු කම් අතර දුම්පානය යනු සෞඛ්‍ය අතින් බලන කල අහිතකර බලපෑම් රැසක් ඇති කරන්නකි. විශේෂයෙන් ගර්භණී වියේ පසුවන කාන්තාවන්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන දුම්පානයෙන් ඉතා භයානක  ප්‍රතිඵල අත් අත්විය හැකියි.මේනිසා ඇතැම්විට කුසතුලසිටින දරුවා මියයාමේ අවදානමක් ද තිබේ. ප්‍රජනන සෞඛ්‍යයයේදී කාන්තාවන්ට සේම පුරුෂයන්ට ද දුම්බීම  අහිතකර ලෙස බලපෑම් ඇති කරන අතර මෙය ශුක්‍රාණුවල ගුණාත්මකභාවය මෙන්න එහි හැකියාව ද බාල කරවනු ලැබේ.දුම්පානය කරන පුරුෂයන්හට දරුවන් ලැබීමේ හැකියාව අඩුවන බව විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්.මීට අමතරව හතිය ,කැස්ස ආදී ස්වසන ආබාධ ඇති වීමට ද දුම්පානය හේතුවක්.විශේෂයෙන් තමාගේ බිරිඳ ගර්භනී කාන්තාවක් නම් ඇගෙන් ඈත්ව ගොස් දුම්පානය කිරීම ඊට  යොමු වී ඇති සැමියෙකුගේ වගකීමකි.ළදරු කලලයේ වර්ධනය බාල වීම,අඩු වයස් දරු ප්‍රසූතිය,අඩු බර දරු උපත්මෙන්ම ළදරු මරණ ද දුම්පානය නිසාඇතිවිය හැකි අවදානම්  තත්ත්වවේ.

                            සාමාන්‍යයෙන් දුම්වැටියක රසායන ද්‍රව්‍ය හාරදහසකට අධික(4000) අධික ප්‍රමාණයක් අන්තර්ගත වේ.මේ රසායනික ද්‍රව්‍ය අතුරින් සෑම රසායනිකයක් ම විෂ සහිත වන අතර ඉන් කිහිපයක් පිළිබඳව මූලිකව අවධානය යොමු කළ හැකියි.දුම්වැටියක අඩංගු රසායනික අතර කාබන්මොනොක්සයිඩ් ප්‍රධාන තැනක් හිමිකර ගනී. එය ශරීරයේ ඔක්සිජන් පරිවහනයට බාධා ඇති කරනු ලැබේ. යම් ගර්භනී සිගරට් දුමට නිරාවරණය වීම මත එහි අඩංගු කාබන්මොනොක්සයිඩ්ක්‍ රියාකාරීත්වය හේතුවෙන් රුධිරයේ ඔක්සිජන් සැපයුමට බාධා ඇතිකර කුස තුල ඇති දරුවාගේ ඔක්සිජන් සැපයුම ද අඩාල කරවනු ලැබේ.මාව සිගරට් දුම ආග්‍රහණය කරන සෑම අවස්ථාවකදීම දරුවාට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහාදරුවාගේ හදවත අධික ලෙස වෙහෙස කර වීමට සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවාගේ වර්ධනය බාල බාල වීම වගේම වැදෑමහේ දුර්වලතා ඇති කරවනු ලැබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් දරුවා  අඩු වයසින් බිහිවීම,කුස තුල දරුවා මිය යාම,කුස තුල දරුවා නිසි පරිදි වර්ධනය නොවී වැනි ගැටලුකාරී තත්ත්ව ඇති කරවනු ලැබේ.
                       මෙ තත්ත්ව සලකා බැලීමේදී සිගරට් දුමට නිරාවරණය නොවීම මවට මෙන්ම දරුවාට වඩාත්  ඉහළ ප්‍රතිලාභ අත්කර දෙනු ලැබේ. එබැවින් යම් ගර්භනී ගර්භනී කාන්තාවක් දුම් පානය කරනවා නම් ඉන් ඉවත් වීම මෙන්ම ඇගේ සැමියා දුම් පානය කරනවා නම් ඉන් ඉවත් කරවීම ද අතිශය  වැදගත්.නමුත් ඉන් ඉවත්වීම එකවරම සිදු කිරීමට අපහසු නම් වෛද්‍යවරයකු සමග සාකච්ඡා කර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළකට අනුගත විය යුතුයි. දුම්පානය කිරීම නිවසේ ආර්ථිකයක අමතර වියදමක් වන අතර දුම්පානයෙන් වැළකී සිටීමට තමන්ට ආත්ම ආත්මශක්තියක් නොමැති නම් අවම වශයෙන් තමාගේ ගර්භනී බිරිඳ සමීපයේ දුම් පානය නතර කිරීමට උත්සාහ කළ යුතුයි .
                       දුම් පානය සෘජු හා වක්‍ර ලෙස ප්‍රධාන කොටස් දෙකකි.ලංකාව තුළ දුම්පානය කරන කාන්තාවන් එතරම් දැකගත නොහැකි නමුත් සෘජු ලෙස දුම්පානය කිරීම කිසිසේත්ම පිළිසිඳගත් කලලයකට යහපත් ප්‍රතිඵල අත්කර නොදේ.මීට අමතරව වක්‍ර දුම්පානය සඳහා ද යම් ගර්භනී  කාන්තාවක් මුහුණ දෙනවා නම් ඊට ප්‍රධාන හේතුව ඇගේ සැමියාගේ දුම්පානයයි. කෙසේ වෙතත් මේ කුමන හෝ ආකාරයකට සිගරැට් දුම ආග්‍රහනය වුවහොත් එමගින් කුස තුල සිටින ළදරු කළලයට සිදුවන්නේ යහපතක් නම් නොවේ.

 

Comments