පිළිකා වළක්වා ගැනීමට සහ නිට්ටාවට ම සුව කළ හැකි යි

 

ශ්‍රී ලාංකිකයන් අතර බහුලව වාර්තා වන පිළිකා තත්ත්වයන්ගෙන් තුනෙන් එකක් වළක්වා ගැනීමටත්, තුනෙන් එකක් කලින් හඳුනා ගැනීමටත් හැකියි. ඉන් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් අපි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වළක්වා ගැනීමේ හැකියාව තිබේ.

      ඒ සදහාඅනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයකි

  • දුම්පානය, මත්පැන් භාවිතය, පුවක් සහ දුම්කොළ සැපීමෙන් වැළකීම.
  • ක්ෂණික ආහාර, සැකසූ මස් වර්ග සහ රතු මස් ආහාරය අවම කිරීම.
  • දිනකට පැය බාගය බැගින් සතියකට දින පහක් ශරීරයට දැනෙන සේ ව්‍යායාම කිරීම.
  • ආරක්‍ෂිත ලිංගික සබඳතා පවත්වා ගැනීම.

මුල් අවස්ථාවේදී ම පිළිකා හඳුනා ගැනීමෙන් ද පිළිකාවලින් තුනෙන් එකක් නිට්ටාවට ම සුව කළ හැකියි.පියයුරු පිළිකා පෙර  හඳුනා ගැනීමෙන් නිට්ටාවට ම සුව කළ හැකියි. අවුරුදු 20ට වැඩි සියලු ම කාන්තාවන් මාසයක එක නිශ්චිත දවසක තමාගේ පියයුරු හොඳින් ස්පර්ශ කරලා බැලීමෙන් පියයුරේ වෙන වෙනස්කම් හඳුනාගත හැකියි.

Comments