රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන දියවැඩියාව


                       
  බොහෝ  බෝනොවන රෝග මෙන්ම දියවැඩියා රෝගය ද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි.නමුත් රෝගය උත්සන්න වූ විට පිපාසය, වැඩි වශයෙන් මුත්‍රා පිටවීම , සුව නොවන තුවාල ආදිය ඇතිවේ.කෙසේ වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවස්ථාවලදී රෝගීන් දියවැඩියා රෝගී තත්ත්වය නොසලකා හරින අවස්ථා ද බොහොමයි.එවන් අවස්ථාවලදී ශරීරය අනෙකුත් ඉන්ද්‍රයන් විවිධ ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දෙනු ලැබේ.දියවැඩියා රෝගයේදී ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරනු ලබන්නේ රුධිර නාලවලටයි.රුධිර නාල සියුම් සහ විශාල ලෙස වර්ග දෙකකි.මෙම රෝගීන්ගේ රුධිර නාල අවහිර වීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි.විශාල රුධිර නාල අවහිර වීමෙන් හෘදයාබාධ ,අංශභාගය වැනි තත්වයන් ඇති වේ.එසේම කුඩා රුධිර නාල අවහිර වීමෙනන් ඒහා සම්බන්ධ අවයව අකර්මණ්‍ය  වීම බොහෝ දුරට සිදුවේ.එවැනි අවයව අතර ඇස, වකුගඩු හා ස්නායු ප්‍රධාන වේ. 

හෘදය හා මොළය

විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ රුධිර නාල අවහිර වීම දියවැඩියාවේ ඇති භයානකම සංකූලතාවයි.මෙහිදී සිදුවන්නේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වී රුධිර ගමනාගමනයට බාධා ඇතිකරයි.ඒ නිසා දියවැඩියා රෝගීන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු හෝ සාමාන්‍ය අගයක පැවතියද ඔවුන්ගේ රුධිර නාල රුධිර නාල අවහිර වීමේප්‍රවණතාව ඉතා ඉහළය.එසේ අවහිර වූ රුධිරනාල මත රුධිර කැටියක්    සිරවීමෙන් හෘදයාබාධ මෙන්ම ආඝාතය (Stroke) වැනි තත්ත්ව ද ඇතිවිය හැකියි. 

ඇස

දියවැඩියාව නිසා ඇසට සිදුවන බලපෑම ඉතා භයානකය.එහි භයානක බව කෙතරම් ද යත් ලෝකෙ අන්ධ භාවයට බලපාන ප්‍රධාන සාධකය දියවැඩියාව බව හඳුනාගෙන තිබේ. රෝගය උත්සන්න වී අන්ධ වීමට ආසන්නය දක්වාම රෝගියාට මේ පිළිබඳ කිසිදු දැනුවත් දැනුවත් වීමක් නොලැබෙයි.ඊට හේතුව ඇසේ තිබෙන රුධිර නාලිකා විනාශ වී අවසාන අවස්ථාවට පත්වන තුරුම පෙනීමේ වැඩි වෙනසක් ඇති නොවේ.මෙසේ කාලයත් සමඟ රුධිර නාල අසාමාන්‍ය වී ඒවා පුපුරා ගොස් රුධිර වහනය වීම ,ඇසේ දෘෂ්ටි විතානය ගැලවී යාමද සිදුවිය හැකියි. ඇස් බොඳවී පෙනීම, ඇස් වල චලනය අපහසුව, ද්විත්ව දුෂ්ටය ( Double Vision )ඇතිවේ.ඒ නිසා දියවැඩියා රෝගීන් වසරකට වරක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා තමන්ගේ අක්ෂි පරීක්ෂාව සිදු කර ගැනීම වැදගත්.එසේ පූර්ව අවස්ථාවේදීම මෙම තත්ත්වය හඳුනාගතහොත් පෙනීම නැති වී යාමට පෙර විවිධ ප්‍රතිකාර මගින් සංකූලතා වළක්වා ගත හැකියි. 

පාද ආශ්‍රිතව ඇතිවන සංකූලතා

දියවැඩියා රෝගීන්ගේ පාදවල සුව නොවන තුවාල ඇතිවීම ඉතා භයානක සංකූලතාවකි.ඊට හේතු වන්නේ විශාල රුධිර නාල රුධිර නාල අවහිර වී රුධිර සැපයුම බාධා කිරීමයි .දියවැඩියා රෝගයෙන් පාද ආරක්ෂාකර ගැනීමට පාවහන් පැළඳීම ඉතා වැදගත් .පමණට වඩා කුඩා පාවහන් තෝරා ගතහොත් පාදයේ ඇඟිලි එකිනෙක තෙරපී ඒවා අතර දිලීර ආසාදන හා තුවාල ඇතිවිය හැකියි.පාදයේ ඇඟිලි හා පාවහන් අතර යම් ඉඩකඩක් තබාගැනීමෙන් ඇඟිලි තුඩු වලට වන හානිය වළක්වා ගත හැකියි.පාද ආශ්‍රිතව තුවාල හෝ චර්ම ප්‍රදාහ තත්ත්ව තිබෙනවා නම් ඒ සඳහා ගුණාත්මක බවින් යුතු පාවහන් තෝරා ගත යුතුය.ඇතැම් අවස්ථාවලදී පාදයේ හැඩය සහ තුවාලවල පිහිටීම ආදිය සැලකිල්ලට ගෙන පාවහන් නිර්මාණය කිරීමටද අත්‍යවශ්‍ය විය හැකියි. පාද වලස්නායු වලට සිදුවන බලපෑමෙන්සියුම් රුධිර නාල අවහිරවී පාදවල ස්නායු ක්‍රියාකාරීත්වය අඩු වී යන අතර මේ නිසා ඒවායෙ හිරි වැටීම ,දැවිල්ල වේදනාව ආදිය ද වේ.රෝග ලක්ෂණ තිබුණද නොතිබුණද පාද නිරන්තර පරීක්ෂාව, සුළු තුවාලයක් ඇතිවී තිබෙනවා නම් නොපමාව ප්‍රතිකාර ලබාගැනීම ද පාද සඳහා නිරන්තර ආරක්ෂාකාරී පාවහන් පැළඳීම ද තුවාල සිදුවිය හැකි ක්‍රියාකාරකම් වලින් වැළකීම ආදිය ද ඉතා වැදගත්. 

වකුගඩු

මිනිසාගේ වකුගඩු ඉතා ඉහළ රුධිර සැපයුමක් ඇති අවයවයකි.දියවැඩියා රෝගී තත්ත්වය වකුගඩුවලට බලපෑම් දී මූලික වශයෙන් සියුම් රුධිර නාළවලට හානිකරයි.මේ නිසා මුත්‍රා සමග ඇල්බියුමීන් නැමැති ප්‍රෝටීන පිටවීමට පටන් ගනී.මෙය "මයික්‍රෝ ඇල්බියුමින් යූරියා " නමින් හැඳින්වේ.එහි රෝග ලක්ෂණ ලෙස මුත්‍රා සමග පෙණ  පිටවීම සහ පාද මදක් ඉදිමීම දැකගත හැකියි.මයික්‍රො ඇල්බියුමින් අවස්ථාවේදීම හඳුනා ගතහොත් රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය කිරීමෙන් තවදුරටත්  වකුගඩුවලට හානි සිදුවීම පාලනය කරගත හැකියි.


Comments