මිනිස් මෙන්ම සත්ත්ව මලපහ පානීය ජලය සඳහා එකතු වීමෙන් ප්‍රධාන වශයෙන් ජලය අපිරිසුදු වේ.ජලය මෙන්ම ආහාර ද මෙවැනි අපද්‍රව්‍ය එකතු වීමෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්විය හැකියි.මේ අන්දමින් ජලය සහ ආහාර දූෂිත තත්ත්වයට පත්වීම නිසා මිනිසාට විවිධ ආකාරයේ රෝග සඳහා මුහුණදීමට සිදුවේ.
ප්‍රධාන වශයෙන් පානීය ජලය සඳහා අපද්‍රව්‍ය එකතු වන්නේ කෙසේ දැයි මූලිකව විමසා බලමු.සාමාන්‍යයෙන් පරිභෝජනය සදහා ජලය ලබා ගන්නා ප්‍රධාන මූලාශ්‍ර කිහිපයකි.එම මූලාශ්‍ර ලෙස ළිං ජලය ,නල ජලය මතුපිට ජල මූලාශ්‍ර මෙන්ම බෝතල් කළ ජලය හඳුනාගත හැකියි.විශේෂයෙන් මෙම මූලාශ්‍ර පිහිටා තිබෙන ස්ථානය අනුව ඒවා අපිරිසුදු වීමට තිබෙන ඉඩකඩ වැඩියි.විශේෂයෙන් ළිඳ නිසියාකාරව හා ආරක්ෂිතව සදා නොමැති වීම ,සත්ත්ව මළපහ බැහැර කරන ස්ථාන අසල පිහිටා තිබීම ,මිනිසුන්ගේ වැසිකිළි සමීපයේ පිහිටා තිබීම, සත්ත්වයන් ගාල් කරන ස්ථාන අසල පිහිටා තිබීම වැනි හේතු නිසා ළිං ජලය අපිරිසුදු විය හැකියි.එම අපිරිසුදු ජලය පානය කිරීම නිසා පුද්ගලයා රෝගී වීමට හැකිය.
මෙහිදී විවිධ පුද්ගලයාට සෑදෙන ලෙඩ රෝග ,ඊට හේතු වන බැක්ටීරියාව හා අදළ සත්ත්වයා අනුව විවිධ ආකාර වියහැකියි.මීට අමතරව විෂ රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය වර්ෂාවත් සමඟ පස අභ්‍යන්තරයට මුසු විය හැකිය.පස් හරහා ජලය පෙරීමකට ලක්වුවද භූගත ජලයට ද විසබීජ ඇතුළු විය හැකියි.එබැවින් භූගත ජල මූලාශ්‍රයක් සමීපයේ වැසිකිළි වලවල් තැනීම සිදු නොකළ යුතුයි.ළිං සහ වැසිකිළි වළවල් අතර නියත දුර ප්‍රමාණයක් පවත්වා ගැනීමද ඉතා වැදගත්.විශේෂයෙන් ළිං තැනීමේ දී ජනගහනය අධික වීමත් සමඟ පවතින සුළු ඉඩ කඩක ඔබ නිසි පරතරය තබා ළිඳ සහ වැසිකිළිය ඉදිකරත් අවට ගෙවල් වල වැසිකිළි ඔබේ ළිඳට සමීපයේ ඉදි විය හැකියි.
මතුපිට තිබෙන ජල මූලාශ්‍රවලට ද අපද්‍රව්‍ය එකතු වේ.එසේ ගංගා ,වැව් වැනි විවෘත මතුපිට ඇති ජල මූලාශ්‍රවලට එකතු වන කෘමි නාශක ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය නිසා ද එම ජල මූලාශ්‍ර අපිරිසුදු විය හැකියි.ජලයේ පිරිසුදු බව පරික්ෂා කිරීමේ දී විමසා බැලෙන බැක්ටීරිය වර්ග දෙකකි.ඒවා ඊකොලයි හා කෝලිෆොම් ය.ජලයේ පිරිසුදු බව පරික්ෂා කිරීමට යාමේදී යම් හෙයකින් මෙම බැක්ටීරියා එහි තිබෙන බව හදුනාගත හොත් එමගින් පැහැදිලි වන්නේ එම ජලය පානයට සුදුසු නොවන හා මළ ද්‍රව්‍ය අඩංගු අපිරිසුදු ජලය බවයි.එබැවින් සෑම විටම ඔබ පානීය ජලය ලෙස භාවිතා කළ යුත්තේ උතුරවා නිවා පෙරා ගත් ඒවාය.
නල මාර්ගයෙන් ලබා ගන්නා ජලය පිරිසුදු තත්ත්වයේ පැවතියත් නල මාර්ගවල පවත්නා පලුදු වීම් වැනි තත්ත්ව නිසා නැවත අපිරිසුදු විය හැකියි.එබැවින් එම ජලයද පානය කිරීමට පෙර හොඳින් උතුරුවා නිවා පෙරා පානය කළ යුතුයි.අපිරිසුදු ජලය පානය කිරීමෙන් පමණක් නොව අමුවෙන් ආහාරයට ගන්නා එළවළු පලතුරු පලා වර්ග සේදීමට ගැනීමෙන්ද විසබීජ ශරීරගත විය හැකියි. එබැවින් බීමට තරම්ම පිරිසුදු නොවුනත් යම් තරමකින් හෝ පිරිසුදු ජලය එම කාර්යයන් සදහා භාවිතා කළ යුතුයි.ඔබ දන්නවා ද උතුරවා නිවා පෙරාගත් ජලය දින කිහිපයක් භාවිතයට ගත හැකි අතර එහි පිරිසුදුභාවය සාධක කිහිපයක් මත රඳා පවතී.ඒ සාධක වන්නේ එම ජලය භාවිතා කරන තැනැත්තා විසින් ඒවා තබා ගන්නා ආකාරය ,භාජනවල පිරිසුදුබව ආදිය යි.
Comments
Post a Comment