වයස් ගතවීමත් සමඟ හුදකලාවට පත්වීම ජීවිතයේ ගුණාත්මකභාවය බලපෑම් ඇති කරනවාද?



                   ඕනෑම පුද්ගලයකු වයස්ගත වීම එක් දිනකින් සිදුවන ක්‍රියාවලියක් නොවේ. ඕනෑම අයෙකු තමාගේ යෞවන විය ඉක්මවන වත් සමග මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම අතිශය ස්වභාවික ක්‍රියාවලියකි.වයස්ගත වූ බවට එක් එක් පුද්ගලයගෙන් දැකගත හැකි ලක්ෂණ විවිධාකාරයි.හිසකෙස් සුදු පැහැති වීම, සම රැලි වැටීම ,තමාගේ වැඩ තමන්ට කර ගැනීමට අපහසු වීම,තමාගේ වැඩ තනිව කර ගැනීමට අපහසු වීම ,එවැනි ලක්ෂණ කිහිපයකි.සාමාන්‍ය සමාජය තුල වයස්ගත වීම වයස්ගතවීම ලෙස සැලකෙන්නේ වයස අවුරුදු හැටයි.කෙනෙකු විශ්‍රාම ජීවිතයට ඇතුළු වූ පසු ඔවුන් බොහෝ දුරට වයස්ගත වූවන්  ලෙස සැලකේ.

                              පෙර පැහැදිලි කළ ලෙස ශාරීරික සෞඛ්‍ය පිරිහීම වයස්ගත බවේ ප්‍රධාන ලක්ෂණයකි.දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වැනි කුමන හෝ කායික රෝග තත්ත්වයකින් මෙවැනි වයස්වල අය පීඩා විඳිනු ලැබේ.එහි නොමැති නම් ඇස් පෙනීම අඩුවීම ,කන් ඇසීම අඩුවීම හෝ සන්ධි වේදනා ගෙන දීම ආදී විවිධාකාර ඉන්ද්‍රිය දුර්වලතා ද පෙන්විය හැකියි.

                    යම් ලෙසකින් මෙම වයෝවෘද්ධ තැනැත්තා පෙරදි රැකියාවක් සිදු කළ අයෙක් නම් තම තරුණ අවධිය තුළ රැකියාව සමග බැඳුණු සමාජ සම්බන්ධතා පෙරට වඩා අඩු මට්ටමකට පත්විය හැකියි.අතමිට මිල මුදල් ගැවසීම ද අවම වන අතර තමාගේ වෘත්තීමය සගයන් මිතුරු මිතුරියන් පමණක් නොව තම දුවා දරුවන් ගෙන් පවා වෙන්වීමට සිදුවීම නිසා සමාජමය වශයෙන් ඔවුන් මුහුණ දෙන්නේ බරපතළ පසුබෑමකටයි.විශේෂයෙන් වර්තමාන සමාජය තුළ බහුල වශයෙන් දුවාදරුවන් විදේශගත වීම හෝ මවුපියන් තනිකර වෙන්ව ජීවත් වීම නිසා ද ඔවුන් තව තවත් හුදෙකලාවට ලක්වේ.එසේම තමාගේ සහකරු හෝ සහකාරිය මියයාම නිසා ද ඔවුන් එවැනි හුදකලාවකට ලක්වේ.දිගින් දිගටම නිවසට පමණක් සීමා සීමා වී කාලය ගත කිරීම ,නව සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට බාධාකාරී වේ.සියලු තත්ත්ව වල අවසාන ප්‍රතිඵලය වැඩිහිටිපුද්ගලයන් ඔවුන්ගේ ජීවිතය තුළ තව තවත් තනිකමට ,හුදකලාවට පත් වීමයි.

                   නවතම මනෝවිද්‍යාත්මක පර්යේෂණ අනුව වයස් ගතවන විට පුද්ගලයන් හුදකලාවට ලක් වීම ජීවිතයේ ගුණාත්මක භාවයට දැඩි තර්ජනයක් බවට අනාවරණය කරගෙන තිබේ.නමුත් තනිකම පාළුව කෙතරම් දුරට අදාළ පුද්ගලයාට දැනෙනවාද යන්න  ඒ ඒ පුද්ගලයා අනුව ඔවුන් සිතන ආකාරය අනුව විවිධ  වෙනස්කම්වලට ලක් වේ.වයෝවෘද්ධ මට්ටමේ පසුවන අයට තමාගේ දෛවය තමාටම වෙනස් කරගත හැකි යැයි සිතනවා නම් හා ඕනෑතරම් මිල  මුදල් හිමි නම් මිතුරන් සිටියත් නොසිටියත් පාළුව තනිකම එතරම් නොදැනෙන බව ද පර්යේෂණ මත තවදුරටත් තහවුරු වී ඇත.

                      සාමාන්‍යයෙන් වයස්ගත ජනගහනය වර්ධනය වීම රටකට මුහුණ දීමට සිදුවන විශාල අභියෝගයකි.නමුත් ඔවුන්ගේ මෙම අවධිය වඩා ඵලදායී ලෙස ගත කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකියි . ආගමික සිද්ධස්ථාන හරහා වයෝවෘද්ධ ජනතාව අතර සමාජ සම්බන්ධතා වැඩි දියුණු කිරීම,ජේෂ්ඨ පුරවැසියන්ට එක්රැස් විය හැකියි හැකි විනෝද විය හැකි ක්‍රීඩා කිරීමේ පහසුකම් සහිත ජේෂ්ඨ පුරවැසි මධ්‍යස්ථාන ඇති කිරීම,දරුවන් සිටිනවා නම් ඔවුන් තමන්ට හැකි සෑම අවස්ථාවකදීම උපරිම අවධානය තම දෙමව්පියන් වෙත ලබා දීම,මුනුබුරු මිනිබිරියන් සමඟ කාලය ගත කිරීමට විනෝද වීමට අවස්ථාව ලබා දීම,සමාජ සහභාගීත්වය වර්ධනය කිරීමේ උපක්‍රම වැඩි දියුණු කිරීම,ආදී ක්‍රම ඔස්සේ මෙරට දිනෙන් දින වයස්ගතවන ප්‍රජාවගේ සමාජ තත්ත්වය හුදකලා වීම අවම කිරීමට උත්සාහ ගත හැකියි

Comments