බඩගින්න අඩු කරන පේර

පේර විටමින් A ,කැල්සියම් හා පොටෑසියම්වලින් අනුන පලතුරකි.තන්තු බහුල පේර කෑමට පසු බඩ ගින්න අඩු වෙයි. සෙම් රෝගවලට හිතකරයි .උගුර ආශ්‍රිත රෝග හා පෙනහලු රෝගවලට ගුණදායකයි.ශරීරයේ ඇති බර අඩු කරන ගුණය මෙහි ප්‍රබලව ඇත.පේර ආහාරයට ගන්නා පුද්ගලයෙකුගේ ජීරණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවේ.මලබද්ධය දුරු කරන අතර අධි රුධිර පීඩනයට මෙන්ම දියවැඩියාව සඳහා ද ඉතාමත් සුදුසු පලතුරකි.මීට අමතරව කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව යන රෝගවලදී පේර කොළ ඖෂධ සඳහා භාවිතා කරයි.විටමින් A බහුල නිසා ඇස් පෙනීම වැඩි කරයි.ඇස් ආශ්‍රිත රෝගවලට ගුණදායකයි.

          පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා වළකයි.තවද මුඛ පිළිකා, පියයුරු පිළිකා ඇතිවීම වළකයි.පේර ආහාරයට ගැනීමෙන් තයිරොයිඩ් හෝමෝනයේ නිසි ක්‍රියාකාරීත්වය සිදු වේ.කොලෙස්ටරෝල්වලින් තොර වීම නිසා හෘදයට හිතකරයි.අවම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහිත මෙම පලතුර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගාකළ හැකිය.ප්‍රතිශක්තිකරණය ද ඉහළ නංවා ගැනීමට පේර අහාරයට ගැනීම වඩාත් යොග්‍යයි.


Comments