දහඩිය දැමීම යනු ක්ෂීරපායි සතුන් සතුන්ගේ සම ආශ්‍රිතව ඇති දහඩිය (ශ්වේද ග්‍රන්ථී )ග්‍රන්ථි මගින් වතුර වැනි දියරයක් ශ්‍රාවය වීමයි.දහඩිය නිපදවීම සඳහා විවිධ හේතු කාරණා තිබුනත් මෙම ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යය ශරීරය සිසිල් කිරීමයි .සිරුර තුළ අඩංගු අධික ජල ප්‍රමාණය ශරීරය මතුපිට ඇති උෂ්ණත්වය දරාගෙන වාෂ්ප වනු ලැබේ.ඉන් ශරීරයට ඇති කරන්නේ සිසිලසකි.උණුසුම් කාලගුණය, ව්‍යායාම හෝ අධිකව ශරීරය වෙහෙසන ක්‍රියාවන්වලදී සිදුවන අධික දහඩිය දැමීම මීට කදිම නිදසුනකි . ශරීරයේ දහඩිය නිපදවන ග්‍රන්ථී වැඩිපුර නැති බල්ලන් වැනි සතුන් දිව එළියට දමා හති හැරීම මගින් තමාගේ කට ඇතුලේ ඇති කෙළ හා අනෙකුත් ශ්‍රාවයන් පිට කරගනු ලැබේ .බැලූ බැල්මට දහඩිය ලෙස පිටවන ජල ප්‍රමාණය එතරම් නොවුනත් ගණනය කිරීම්වල දී ශරීරයට පිටකළ හැකි දහඩිය දියර ප්‍රමාණය දිනකට ලීටර් 10 සිට 14 දක්වා වෙයි.කෙසේ වෙතත් එළිමහනේ කිසිම ක්‍රියාවක් නොකරන ඇඳකට පමණක් වී සිටින නේවාසික රෝගියෙකු පවා දිනකට ලීටර එකක් පමණ දහඩිය හා ජල වාෂ්ප ලෙස පිට කරනු ලැබේ.දහඩිය තුළ අඩංගු ප්‍රධාන සංඝටකයක් ලෙස සැලකෙන්නේ ජලයයි.මීට අමතරව ලැක්ටික්,ඛනිජ ලවණ,යූරියා ආදි සංඝටක ද අන්තර්ගතයි. විශේෂිත වූ කාරණා රැසකට මෙසේ අධිකව දහඩිය දැමීම සිදුවිය හැකි.ඒවා රෝගී මෙන්ම රෝගී නොවන හේතු ලෙස පැහැදිලි කළ හැකි. රෝගී නොවන හේතු ලෙස ශරීර අධික ක්‍රියා කාරිත්වය හෝ ව්‍යායාම,උණට ප්‍රතිචාරයක් ලෙස දහඩිය දැමීම,කුළුබඩු අධික සැර ආහාර ගැනීම, පරිසරය උණුසුම් වීම,ආවේගශීලී වීම (කේන්තිය ,බය ),අතීතය තුළ සිදු වූ කායික සහ මානසික වේදනාවෙන් සිහිපත් වීම ආදිය පිළිබඳ මෙහිදී විමසා බැලිය හැකියි.
රෝග ලක්ෂණ ලෙස දහඩිය පිට කිරීම දැකිය හැකි අවස්ථා ගණනාවකි.තයිරොක්සින් හෝමෝනය අධික වීම ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනු ලැබේ.මෙම රෝග තත්ත්වයේදී ශරීරය අධික ලෙස කෙට්ටු වීම ,හදේ ගැස්ම වැඩිවීම, ආහාර රුචිය අධික වීම, ඇස්පිටතට නෙරා පැමිණීම මෙන්ම අධික දහඩිය දැමීම ද මෙහිදී දැකගත හැක.මීට අමතරව මැලේරියාව, ක්ෂය රෝගය වැනි රෝගවලදී දිගින් දිගටම හෝ රාත්‍රී කාලයේදී දහඩිය දැමීමක් ඇතිවිය හැකිය. සමහර පිළිකා රෝග ආශ්‍රිතවත් මේ රෝග ලක්ෂණය දැකගත හැකියි.එසේම කැෆේන් අඩංගු බෙහෙත් හා පාන වර්ග, මත්පැන් මත්ද්‍රව්‍ය ආදිය නිසාද අධිවෘක්ක ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා රෝග තත්ත්වයන් නිසා ද අධිකව දහඩිය දැමීමට හැකියි .
Comments
Post a Comment