තෙත ඇඳුම් අඳින්න කලින් හිතා බලන්නට යමක්

                         



                       සමහර වෙලාවට අපට තිබෙන වැඩ රාජකාරි අතරේ අපි ගැන හිතන්නවත් වෙලාවක් නෑ.දවසේ එදිනෙදා වැඩ රාජකාරි ,යුතුකම් ,වගකීම් මෙකී නොකී හැම දෙයක් එක්කම කාලය ගෙවිල ගෙවිලා යන්නේ අපටත් නොදැනීමයි.කොයිතරම් අවිවේකී ද කියනවා නම් අඩුම තරමින් අපේ ඇඳුම් පැළඳුම් ගැන වත් සිතනවා තබා ඒවා නිසි විදිහට පිරිසසුදු කරගන්නට පවා අපට තිබෙන්නේ ඉතාම සීමාසහිත කාලයක්.

                              කොහොම වුණත් ඉතිරිවෙන පොඩි කාලෙදි මේ හැමදේම කරගන්න  ස්වභාවධර්මයේ සහයෝගය අපට නැතිවම බැහැ.රෙදි සේදීම කෙසේවෙතත් වේළා ගැනීමට නම් හිරු එළියේ තිබෙන අවශ්‍යතාව ඔබට අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.විවිධ වර්ගයේ රෙදි පිළි වලින් නිමවූ ඇඳුම් සෝදා වියළා ගැනීම අවිවේකී ජීවිතයක් ගත කරන ඔබට තරමක අභියෝගයක්.ඇතැම් විට නිසියාකාරව නොවියලුණු  ඇදුම් පවා ඇදීමට  අපට සිදු වෙනවා.එමගින් අප ඒ තරම් නොසිතුවාට අහිතකර ප්‍රතිඵල රැසකට මුහුණදීමට සිදුවෙනවා. 

                                   ඔබ දන්නවාද තෙතමනේ සහිත ඇඳුම් ඇඳීම මගින් සම මත පුස් ඇතිවිය හැකි බව.ඒවගේම කැසීම, රතුවීම වැනි ආසාදන ද ඇතිවෙන්නට පුළුවන් . ඒනිසා වඩාත් සුදුසු වන්නේ හැකි සෑම විටෙකම ඇදුම් සොදා හොදින් වියළා පරිහරණය කිරීමයි .


Comments