පුද්ගලයෙකු ක්‍රමයෙන් වයස්ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි ආබාධ අතර ඉතා සුලබ රෝගී තත්ත්වයක් ලෙස ඇසේ සුද ඇතිවීම හදුනාගත හැකියි.වයස්ගත ජනගහනයෙන් පහෙන් එකක ප්‍රමාණයක් අතර මෙම තත්ත්වය දැකගත හැකියි. නිරෝගී අක්ෂි කාචයක් තුළින් ඉතා පැහැදිලිව ආලෝකය ගමන් කරන අතර මෙම රෝග අවස්ථාව යටතේ එම ක්‍රියාවලියට බාධා ඇති කරනු ලැබේ.
ප්‍රෝටීන්වලින් නිර්මාණය වී ඇති මිනිස් ඇසෙහි කාචය පුද්ගලයකු වියපත් වන විට යම් රසායනික වෙනසකට භාජනය වේ.මෙම රසායනික වෙනස නිසා ඒ මත කහ දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වී ඒ තුළින් ආලෝකය ගමන් කිරීමට බාධා ඇති කරනු ලැබේ.මෙසේ ආලෝක ගමනාගමන ක්‍රියාවලියට සිදුවන බාධාව හේතුවෙන් ඇස් පෙනීම දුර්වල වෙයි.මීට ඖෂධමය ප්‍රතිකාර නොමැති අතර සැත්කම් මගින් ප්‍රතිකාර කළ යුතුයි .
ඇසේ සුද ඇතිවීමට බලපාන හේතු
- දියවැඩියාව රෝගී තත්ත්වය.
- මාංශ පේශිවල දුර්වලතාවයන්.
- වැඩිහිටිවියේදී ශරීරයේ සිදුවන රසායනික විපර්යාස.
- තරුණ කාලයේදී ඇස්වලට සිදුවන අනතුරු.
- ජානමය වශයෙන් සිදුවන බලපෑම්(ඥාතීන් අතර සිදුවන විවාහා)
- ගැබිනි සමයේ සැර ඖෂධ භාවිතය.
- ගැබිනි මුල් සමයේ ජර්මන් සරම්ප වැළඳීම.
Comments
Post a Comment