Cool Person කෙනෙක් වෙන්නෙ කොහොමද

                                    අපි කාටත් එදිනෙදා ජීවිතයේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.ඒවා  තමන්ට තනියම විසඳාගැනීමට නොහැකි වූ විට කාට හරි ඒ දේවල් කියලා හිත සැහැල්ලු කරගන්න අපි උත්සාහ කරනවා.ඒත් ඒවා කියන්නේ කාටද කියන එක අපිට නැවතත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා.සමහර අයට අපි අපේ ප්‍රශ්න පැවසූවාම ඒ අයට තරහ යනවා.ඒ විතරක් නෙවෙයි ඔවුන් කලබල වෙනවා.එහෙම වුනාම ප්‍රශ්න කියපු කෙනාටත්  ප්‍රශ්නය අහපු කෙනාටත් දෙන්නටම කිසිම ප්‍රයෝජනයක් නෑ.

                                තවත් සමහර අය ප්‍රශ්නයක් ඇති වුනාම ඉතාම සංසුන්ව කටයුතු කරනවා.ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තරම් ඔවුන්ට දැඩි ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් තිබෙනවා.එවැනි අයෙක් සමග ඔබට තිබෙන ගැටලුවක් පැවසුවොත් ඊට හොඳ විසඳුමක් ලැබෙනවා විතරක් නෙවෙයි සිතේ ඇතිවුණු කලබලය ප්‍රශ්නය පැවසූ පුද්ගලයාගේ තිබෙන  සන්සුන් කෙමෙන් මැකී යනවා.ඒ නිසාම සන්සුන් මනසක් ඇති මෙවැනි අය ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න අය ලෙස සැලකෙනවා.ඔවුන් සමාජයේ කා අතරත් ජනප්‍රිය වගේම ආකර්ෂණීය පුද්ගලයන් බවට පත් වෙනවා.වර්තමානයේ දී මෙවැනි අය හඳුන්වන්න Cool වැනි ඉංග්‍රීසි යෙදුම් පවා භාවිතා කරනවා.

                         මෙවැනි සාර්ථක ප්‍රශ්න විසඳන්නකු ගේ චරිතය පිළිබඳ අවබෝධය ඉතා වැදගත්.ඔවුන් ප්‍රශ්න ගොඩක් එකතු කර ගන්නේ නැහැ.ගොඩකට එකවර විසඳුම් සොයන්නට යන්නේ නැහැ.ඒ අනුව ඔවුන් තමන්ට තිබෙන බරපතලම ප්‍රශ්න මොනවද කියන දේට මුලින්ම විසඳුම් සොයා ගන්නට උත්සාහ කරනවා.අනෙකුත් ප්‍රශ්න පසුවට කල් තබනවා.සෑම ප්‍රශ්නයක්ම එකවර විසඳිය නොහැකි බව ඔවුන් හොඳින් අවබෝධ කර ගැනීම ඊට හේතුවයි.ප්‍රශ්න විසඳීමේදී ඔවුන් ඉතාම සන්සුන්.තමාට හැකි මොනවද නොහැකි මොනවද යන්න ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.ඔවුන් කිසිම අවස්ථාවක බැහැ කිවයුතු දේ ට බැහැ කීමටත් පුළුවන් කිව යුතු දේට පුළුවන් කීමටත් පසුබට වන්නේ නැහැ.සමහර පුද්ගලයන් තමන්ට විසඳා ගන්නට නොහැකි හැම දේම මට පුළුවන් යැයි සිතමින් සිතේ සන්සුන් බව තමා විසින්ම නැති කරගන්නවා.ඔබට තිබෙන විවිධාකාර ප්‍රශ්න හිතේ තබාගෙන දුක් විඳිනවාට වඩා වෙන කාට හරි පවසනවා නම් මේ කරුණු ගැනත් හොඳින් හිතලා බලන්න.


Comments