ගැඹුරින් හුස්ම ගැනීම
ආතතිය සමනය කිරීමට ගැඹුරින් හුස්ම ගැනීම එක්තරා වැදගත් උපක්රමයකි.මේමඟින් රුධිරය සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන අතර මොළය සහ ස්නායු උත්තේජනය වීමක් ඉන් සිදුවේ.
ව්‍යායාම
ආතතියෙන් ගැලවීමට එළිමහනෙ ඇවිදීම, බයිසිකල් පැදීම ,පිහිනීම වැනි ව්‍යායාම උපකාරිවේ .දිනකට විනාඩි 30 ත් 45 ත් අතර කාලයක් මේ ව්‍යායාමවල නිරත වීමෙන් ඔබට පහසුවෙන් ආතතිය මග හරවා ගත හැකියි.
ආගමික වතාවත්
පන්සල් ,පල්ලි ,කෝවිල් ආදී පූජනීය ස්ථානවලට ගොස් එහි වතාවත්වල නියැලීම ආතතියෙන් මිදීමට උපකාරයකි.
භාවනා කිරීම
භාවනාව යනු මානසික ඒකාග්‍රතාව වැඩිදියුණු කිරිමට භාවිතා කළ හැකි කදිම විසඳුමකි.හිතට වද දෙන ගැටලුවලින් හිත නිදහස් කර සංසුන් කර ගැනීමට භාවනාව උපයෝගී කරගත හැකිය.දියුණුකරගත් මනසකින් ඔබගේ ජීවිතය දෙස බලන විට ඔබට ඇති වන ගැටලු දෙස උපේක්ෂාවෙන් බලා ආතතියෙන් තොරව ඒවා විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබේ.මේ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර අවශ්‍ය වන්නේ සුදුසු, නිහඬ ,නිසල පරිසරයක් සහ කාලය පමණි.
මනෝලෝකයක සැරි සැරීම
මෙහිදී ඔබට අවශ්‍ය වන්නේ දෑස පියා ගැනීම වැනි කෙටි පියවරක් පමණයි.එසේ ඔබ ආශා කරන පරිසරයකට එසේත් නොමැති නම් සුන්දර අත්දැකීමක් වෙත මනසින් පියනගන්න.මේ අන්දමින් මනෝ ලෝකයක් තුළ සැරිසරන විට ඔබගෙ සිරුර හැකි තරම් ලිහිල්ව තබා ගන්න.එමගින් සිතට වද දෙන ආතතිය පහසුවෙන් මගහරවා ගත හැකියි.
කාට හෝ පවසන්න
මනසේ ආතතිය තුඩු දුන් හේතුව ඔබගේ සමීපතම මිතුරාට හෝ සමීපතම අයෙකුට පවසා සිත සැහැල්ලු කරගන්න .
විනෝදය
සිනහසීම රුපියල් සතවලට මිල කළ නො හැක්කකි.විනෝදය දනවන වැඩසටහන්, විනෝදජනක චිත්‍රපට ,විනෝද ගමන් බිමන් තුළින් ඔබේ මනසට ලැබෙන්නේ සැහැල්ලුවකි.වර්තමාන කාර්යබහුල ජීවිතයේ සිනාසීමට වෙලාවක් නොමැති නමුත් විහිළු තහළු කරමින් හෝ සිනාසෙන්නේ නම් එයද ආතතිය මගහරවා මග හරවා ගැනීමට සුදුසු පියවරකි.කායික සබඳතා
ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ මනා කායික සබඳතාවක් පැවැත්වීම මානසික ආතතිය දුරලීමට හැකි සාර්ථක පියවරකි.එමඟින් නොදැනුවත්වම සිරුරේ රුධිර සංසරණ යහපත් වේ.හොඳින් හුස්ම ගැනීම නිසා පෙනහලුවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ.යහපත් මනසකට ශාරීරික ස්පර්ශය අත්‍යවශ්‍ය අංගයකි.
Comments
Post a Comment