උදෑසනට පුරුද්දක් ලෙස පානය කරන තේ, කෝපි ,පිටිකිරි ,මෝල්ට් පානයන් සියල්ල අතහැර දමන්න .අවදි වූ විගස හොඳින් මුව සෝදා මද උණුසුම් සහිත වතුර වීදුරුවක් පානය කරන්න.ඉන් පැය භාගයකට බාගයකට පමණ පසු මද උණුසුම් සහිත ජලය අඩු කෝප්පයකට මීපැණි තේ හැන්දක් පමණ මිශ්‍රකර මිශ්‍ර කර පානය කරන්න.උදෑසන ආහාර වේලට කඩල, මුංඇට, මෑ ඇට ,කව්පි, සෝයා ඇට ,ග්‍රීන්පී ස් තම්බා ලුණු මිරිස් හෝ පොල් සමඟ කෝප්පයක්පමණ ආහාරයටගන්න.ආහාරයට පසුව සීනි නොදැමූ ස්වභාවික පලතුරු යුෂ වීදුරුවක් පානය කරන්න.එසේ නොමැති නොමැති නම් පිරිසුදු වතුර වීදුරුවක් පානය කරන්න.ඉන් අනතුරුව පැයෙන් පැයට පිරිසුදු වතුර වීදුරුවක් බැගින් පානය කිරීම කරන්න .මීට අමතරව අවම වශයෙන් සතියකට දින හතරක් වත් දවල් හෝ රාත්‍රී කෑමෙන් පසු ගොරකා සුදු ලුණු සමව ගෙන තම්බා එම වතුර අඬු කෝප්ප භාගයක් පානය කිරීමට හුරුවන්න.
චොක්ලට් ,අයිස්ක්‍රීම් ,කේක් ,රස කළ බිස්කට් ,පුඩින් ,වටලප්පන් ,රසකැවිලි, කෘතිම පැණි බීම්, සීනි යෙදූ බීම වර්ග සකස් කළ කෑම වර්ග ,හරක් මස් ,ඌරු මස් ,කුකුල් මස් භාවිතයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වන්න .උදෑසන10.00 -10.30 පැපොල් ,කෙසෙල් ,අන්නාසි ,පේර, කොමඩු ,අලිපේර වැනි පලතුරු වලින් කිහිපයක් සලාදයක් ලෙස ආහාරයට ගන්න.රැකියාවක් කරන අයෙක් නම් පලතුරු කැබලි සහිත අඩු කෝපයක පමණ ප්‍රමාණයක් කුඩා මංජුසාවක බහා සේවා ස්ථානයට රැගෙන යන්න.එසේ පලතුරු කෑමට අපහසු නම් ප්‍රමිතිගත යෝගට් එකක් කෑමට ගන්න.ලුණු සහ ඇඹුල් රස බහුල ලුණුදෙහි, චට්නි ,අච්චාරු ආදි කෑම වර්ග භාවිතාව හැකි තරම් අවම කරන්න.
සම්බා සහල්,කීරි සම්බා, පොන්නි සම්බා, සුදු කැකුළු, රතු කැකුළු ,සුදු බාස්මති වෙනුවට රතු සහ සුදු බාස්මති සහල් හෝ අපේ පාරම්පරික සහලවලින් පිසූ බත් කුඩා ප්‍රමාණයක් දවල් ආහාරයට ගන්න.
බත් අනුභව කරන ප්‍රමාණය තේ බොන අඩු කෝප්පයක හෝ අඩු කෝප්ප එකහමාරක ප්‍රමාණය දක්වා සීමා කරන්න.දහවල් හා රාත්‍රී කෑම වේලට එළවළු වර්ග දෙක තුනක් මාළු පැත්තක්, සලාදයක් හෝ පලා මැල්ලුමක් එක්කර ගන්න .දවල් කෑමට පෙර හැකි සෑම අවස්ථාවකම ස්නානය කරන්න.
Comments
Post a Comment