තවමත් පත්තර පිටුවලින් කෑම ඔතනවාද?


මුද්‍රිත පත්තර පිටුවල කාබනික ද්‍රව්‍ය හා අන්තරාය කර විශ රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගතයි.කෙතරම් මේ පිළිබඳ දැනුවත් කර ද තවමත් පත්තර පිටු භාවිතා කරමින් ආහාර ද්‍රව්‍ය වසා තැබීම ආහාර ද්‍රව්‍ය එතීම ආදිය සිදු කරනු ලැබේ.

නමුත් එමගින් ශරිරයට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක්  ආහාර තුළට පහසුවෙන් අවශෝෂණය වන අතර ඒවා ශරීරගත වීමෙන් බරපතළ  සෞඛ්‍ය ගැටලු ඇති කරනු ලැබේ.පිළිකා, වකුගඩු ආබාධ,අඩුබර දරු උපත් ඒ අතර ප්‍රධාන වේ.එසේම කියවීම සඳහා මිලදී ගත් පුවත්පතක් කියවා අවසන් වූ පසුව රාක්ක මෙට්ට යට වැනි  ස්ථානවල තබනු ලබන අතර එම පත්තර මත කැරපොත්තන් ,හූනන් ,කූඹින් වැනි සතුන්ගේ මල පහ මෙන්ම කුණු දූවිලි ආදිය තැවරෙන බැවින් එසේ අපිරිසසුදු වූ පත්තර පිටුවලින්ද ආහාර ද්‍රව්‍ය ආවරණය කිරීම මගින් විසබීජ ශරීර ගතවීමේ අවධානමක් ද පවතිනු ලැබේ.කෙසේ වෙතත් මෙවැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු මුද්‍රිත පත්තර පිටු  ආහාර ද්‍රව්‍ය හා සම්බන්ධ කිසිදු කටයුත්තකට කිසි විටෙකත් භාවිතා නොකළ යුතුයි .

Comments