Tongue - tie
මේ වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ එතරම් අසා නොමැති වුවද දරුවන් අතර දැකිය හැකි තත්ත්වයකි. ටන්ග් - ටයි ලෙස හඳුන්වන මේ තත්ත්වය දරුවකුට උපතින් ඇතිවන තත්ත්වයකි. එනම් එවැනි දරුවකුට සෙසු දරුවකු තරම් දිව උස් පහත් කිරීමට හෝ එළියට දැමීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් හෝ අපහසුවක් ඇති වේ. ටන්ග් - ටයි තත්ත්වයේදී දිව තරමක් කෙටිව පිහිටා තිබෙන අතර සියුම් පටලයකින් දිවේ මුල සිට අග දක්වාම මුඛයේ යටි හනුවට සම්බන්ධ වී තිබේ.
දරුවාට ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්ව මෙවැනි දරුවකුට වෙනත් සාමාන්‍ය දරුවකුට මෙන් හොඳින් මුඛයෙන් පිටතට දිව දික් කිරීමට අපහසුවක් ඇති වේ. තවද දිව ආශ්‍රය කර ගනිමින් කිරීමට සිදුවන ඇතැම් කටයුතුසිදු කිරීම දරුවාට අපහසු විය හැක. නමුත් හොඳින් සපා ආහාර ගැනීමට මින් කිසිදු බාධාවක් ඇති නොවේ.
මේ තත්ත්වය සමඟින් දරුවකුට වර්ධන ගැටලු ඇතිවේද?
එවැනි කිසිදු ගැටලුවක් ඇති නොවේ. නමුත් බොහෝ මව්පියන්ට වැඩිහිටියන්ට මෙමඟින් දරුවෙකුගේ කථනයට හෝ උච්ඡාරණයට බාධාවක් ඇති වේ යැයි බියක් හටගත හැකිය. නමුත් එවැනි ගැටලු හා මේ තත්ත්වය අතර කිසිදු සම්බන්ධතාවක් නැත මෙහිදී දරුවාට උච්ඡාරණය පිළිබඳ ගැටලු පවතී නම් එය වෙනමම පරීක්ෂා කර බලා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකි. ඊට මේ හා සම්බන්ධයක් නැත.
මෙවැනි තත්ත්වයකදී සැත්කමක් කළ යුතු බවට ඇති අදහස?
මෙවැනි තත්ත්වයකදී අවශ්‍ය නම් ඉතාමත් සුළු සැත්කමකින් එනම් දිවේ මුල සිට අග දක්වා සම්බන්ධ වී ඇති සියුම් පටලය සැත්කමක් මගින් කුඩා කැපුමක් යෙදීමෙන් මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතී. නමුත් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නොවේ. නමුත් මෙහිදී පවතින දිවේ බාහිර පෙනුමේ යම් වෙනසක් නිසා එවැනි දරුවන්ට සමාජයේ කටයුතු කිරීමේදී යම් බලපෑමක් ඇතිවිය හැකියැයි සිතෙනවා නම් සැත්කමක් සඳහා යොමුවිය හැකිය.
අනාගතයට මින් බලපෑමක් ඇති වේද?
එවැනි බලපෑමක් ඇති නොවේ. තවද දරුවාගේ මුඛයේ වර්ධන හෝ වෙනත් කථන, උච්ඡාරණ ගැටලුවකට ද මෙයට සම්බන්ධයක් නැත. එවැනි ගැටලුවක් දරුවාට ඇත්නම් ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා අදාළ අංශ වෙත දරුවා යොමු කිරීම වැදගත් වේ.
Tongue - tie
මේ වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ එතරම් අසා නොමැති වුවද දරුවන් අතර දැකිය හැකි තත්ත්වයකි. ටන්ග් - ටයි ලෙස හඳුන්වන මේ තත්ත්වය දරුවකුට උපතින් ඇතිවන තත්ත්වයකි. එනම් එවැනි දරුවකුට සෙසු දරුවකු තරම් දිව උස් පහත් කිරීමට හෝ එළියට දැමීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් හෝ අපහසුවක් ඇති වේ. ටන්ග් - ටයි තත්ත්වයේදී දිව තරමක් කෙටිව පිහිටා තිබෙන අතර සියුම් පටලයකින් දිවේ මුල සිට අග දක්වාම මුඛයේ යටි හනුවට සම්බන්ධ වී තිබේ.
දරුවාට ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්ව
මෙවැනි දරුවකුට වෙනත් සාමාන්‍ය දරුවකුට මෙන් හොඳින් මුඛයෙන් පිටතට දිව දික් කිරීමට අපහසුවක් ඇති වේ. තවද දිව ආශ්‍රය කර ගනිමින් කිරීමට සිදුවන ඇතැම් කටයුතුසිදු කිරීම දරුවාට අපහසු විය හැක. නමුත් හොඳින් සපා ආහාර ගැනීමට මින් කිසිදු බාධාවක් ඇති නොවේ.
මේ තත්ත්වය සමඟින් දරුවකුට වර්ධන ගැටලු ඇතිවේද?
එවැනි කිසිදු ගැටලුවක් ඇති නොවේ. නමුත් බොහෝ මව්පියන්ට වැඩිහිටියන්ට මෙමඟින් දරුවෙකුගේ කථනයට හෝ උච්ඡාරණයට බාධාවක් ඇති වේ යැයි බියක් හටගත හැකිය. නමුත් එවැනි ගැටලු හා මේ තත්ත්වය අතර කිසිදු සම්බන්ධතාවක් නැත මෙහිදී දරුවාට උච්ඡාරණය පිළිබඳ ගැටලු පවතී නම් එය වෙනමම පරීක්ෂා කර බලා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකි. ඊට මේ හා සම්බන්ධයක් නැත.
මෙවැනි තත්ත්වයකදී සැත්කමක් කළ යුතු බවට ඇති අදහස?
මෙවැනි තත්ත්වයකදී අවශ්‍ය නම් ඉතාමත් සුළු සැත්කමකින් එනම් දිවේ මුල සිට අග දක්වා සම්බන්ධ වී ඇති සියුම් පටලය සැත්කමක් මගින් කුඩා කැපුමක් යෙදීමෙන් මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතී. නමුත් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නොවේ.
නමුත් මෙහිදී පවතින දිවේ බාහිර පෙනුමේ යම් වෙනසක් නිසා එවැනි දරුවන්ට සමාජයේ කටයුතු කිරීමේදී යම් බලපෑමක් ඇතිවිය හැකියැයි සිතෙනවා නම් සැත්කමක් සඳහා යොමුවිය හැකිය.
අනාගතයට මින් බලපෑමක් ඇති වේද?
එවැනි බලපෑමක් ඇති නොවේ. තවද දරුවාගේ මුඛයේ වර්ධන හෝ වෙනත් කථන, උච්ඡාරණ ගැටලුවකට ද මෙයට සම්බන්ධයක් නැත. එවැනි ගැටලුවක් දරුවාට ඇත්නම් ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා අදාළ අංශ වෙත දරුවා යොමු කිරීම වැදගත් වේ.
Comments
Post a Comment