O.C.D. - Obsessive Compulsive Disorder
මෙය සුළු මානසික රෝගී තත්වයකි.
ප්‍රධානම රෝග ලක්ෂණය :
අනවශ්‍ය සිතුවිලි ,සංවේදනයන් හෝ යමක් නැවත කිරීමට ඇති ආශාව හෝ ඒ
වෙනුවෙන් තමන් විසින්ම බල කිරීම ඇති කරන මානසික රෝගයකි.
O.C.D. කොටස් 2කට බෙදේ.
O - Obsessions යනු කරදරකාරී සිතුවිලි ඇති වීම ලෙසද,
C - Compulsion යනු එම සිතුවිලිවලට අනුව ක්‍රියාකිරීම වේ.
D - Disorder
1. කරදරකාරී සිතුවිලි ඇති වීම.
* අසාමාන්‍ය පිරිසුදු බව
*අසාමාන්‍ය පිළිවෙල
*අනම්‍යශීලි සබදතා
*දැඩි මුරණ්ඩු බව
*අනවශ්‍ය දේවල් (ප්‍රායෝගික නොවන) පිළිබද නිතර සිතීම.
* අසාමාන්‍ය ලිංගික සිතුවිලි
2. එම සිතුවිලි කෙරෙහි ක්‍රියාකාරකම්
*නිතර තම දෑත් , දෙපා සේදීම
*නිතර තමා අවට බඩු මුට්ටු සේදීම.
*දොර ජනෙල් වැනි දෑ නිසියාකාරව වැසූ පසුත් නිතර නිතර පපරික්ෂා කිරීම.
*ආහාර ගැනීමේ අසාමාන්‍ය පිළිවෙල
*තමාට විශේෂවූ පුද්ගලයින්ට කරදරයක් වේ යයි සිතා නිතර නිතර ඒ බව විමසීම.
*යම් කාර්යක නියැලෙන අතරතුර නිතර ගණන් කිරීමට පෙළඹීම.
O.C.D. ඇති වීමට හේතු
1. ජානමය සාධක
2. මොළයේ රසායනික වෙනස්කම්
3. විවිධ පාරිසරික හේතු
4. මානසික අවපීඩනය
5. සමාජ කාංසාව
6.අධි ක්‍රියාකාරිත්වයේ ආබාධය
7. වෙනත් මානසික ආබාධ
O.C.D. සදහා ප්‍රතිකාර
මෙය නිට්ටාවට සුව කළ හැක.
මේ සදහා ඖෂධ භාවිතය මෙන්ම මනෝ චිකිත්සාවද යොදා ගනී.
Comments
Post a Comment