මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි
ගොටුකොළවල ඇති මතකය වඩවන ගුණය ඉතාම ඉහළය. එනම් දේශිය වෙදකමට අනුව ගොටුකොළ ලොකු කුඩා සෑම අයකුගේම ධාරණ ශක්තිය සහ ස්මරණ ශක්තිය, බුද්ධිය වර්ධනය කරයි. ඒ නිසාම අධ්‍යාපන කටයුතුවල නියැළෙන දරුවන්ට මතක ශක්තිය වැඩි කර ගැනීමට ගොටුකොළ නිතර ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකය. අපේ අත්තම්මලා දරුවන්ට උදෑසනට ගොටුකොළ මිටක් අඹරා ඉස්ම පෙවීමට පුරුදුව සිටියේ මෙම වටිනා ගුණය දැන සිටි නිසාය. ගොටුකොළ ඉස්ම එළකිරි සමඟ පානය කිරීම තවත් ගුණදායකය. මතක තබාගන්න මේ වටිනා ගුණාංගය බහුලව පවතින්නේ හීංගොටුකොළ වල පමණකි.
ස්නායු රෝග සුවපත් කරයි
වයස්ගත වීමේදී ඇතිවන මතක ශක්තිය හීන වීමේ රෝගයට ද ගොටුකොළ ගුණදායී ඖෂධයකි. උන්මාදය, මී මැස්මොරය රෝග සඳහා ඉතා ගුණදායකය. එසේම ස්නායු රෝග වලින් පීඩා විඳීන රෝගීන්, මානසික රෝගවලින් පීඩාවිඳීන රෝගීන් ගොටුකොළ මැල්ලුමක්, සලාද ලෙස, කැඳ වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් රෝග සුවපත් කර ගැනීමට උපකාරි වෙයි. එනම් එම රෝගීන් සඳහා ගොටුකොළ යුෂ මේස හැඳී දෙකකට එළඟිතෙල් මේස හැඳී දෙකක් මිශ්‍ර රස කර දිනකට එක් වරක් බැගින් දිනපතා පානය කිරීමෙන් එම රෝග සඳහා සුවය ලැබේ. පටකවලට අදාළ ස්නායු හෙවත් ලේ නහර වර්ධනය කිරීම නිසා මොළයේ කි‍්‍රයාකාරීත්වය වැඩි කරයි. මනසේ පීඩනය, මානසික ව්‍යාකූලතාව දුරු කරයි.
පීනස් රෝගීන්ට ගුණයි
ශීර්ෂ රෝග හෙවත් හිස ආශි‍්‍රත රෝග සඳහා ගොටුකොළ වටිනා ඖෂධයකි. පීනස රෝගීන් සඳහා ගොටුකොළ කොටා මිරිකා යුෂ කෝප්පයක් පානය කිරීම ඉතාමත් ගුණදායකය. එසේම පීනසයෙන් පීඩා විඳීන රෝගීන් සඳහා ගොටුකොළ වැඩිපුර රතුලූනු සමඟ සලාද ලෙස සතියකට දින හතරක් හෝ පහක් ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය මඟහරවා ගත හැකි වේ.රුධිර සංසරණයට හිතකරයි
ශරීරයේ රුධිරය සංසරණ කි‍්‍රයාවලිය ක්‍රමවත් කරයි. එම නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග සඳහා හොඳ ආහාරයකි. රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි ඉතා හොඳ බලපෑමක් ඇති කළ හැකි ඖෂධීය පැළෑටියක් ලෙස ගොටුකොළ හඳුනාගෙන ඇති අතර අධි රුධිර පීඩන තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් යොදා ගනු ඇත. ශිරා සහ කේශනාලිකා හරහා ශරීරය පුරා ඉතා හොඳ පීඩනයකින් යුතුව රුධිරය ගලා යෑමකට ගොටුකොළ හේතුවනු ඇත.
මුත්‍ර රෝග සහ පණු රෝග නසයි
මුත්‍ර පිටවීමේදී ඇතිවන වේදනාව, මුත්‍ර දැවිල්ල ඇතුළු මුත්‍ර රෝගවලට ගොටුකොළ මැල්ලුමක්, සලාද ලෙස හෝ කැඳ හෝ යුෂ වශයෙන් ගැනීමෙන් සුවපත් වෙයි. කුඩා දරුවන්ගේ පණු රෝග සේම තුවාල, දද, කුෂ්ඨ, අර්ශස් රෝග සඳහාද ගොටුකොළ වටිනා ඖෂධයකි. එසේම නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා විඳීන රෝගීන් සඳහා ද ගොටුකොළ සුවය ගෙන දෙයි. සැරව සහිත තුවාල සඳහා ගොටුකොළ තල තෙලෙන් අඹරා ආලේප කිරීමෙන් තුවාල සුව වෙයි. නමුත් අලුත් තුවාලයක් නම් ඇල් දියෙන් අඹරා ආලේප කළ යුතුය. කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා පණු බෙහෙත් වෙනුවට ගොටුකොළ දඬු සමඟ වලඟ සහල් සති තුනක් පානය කිරීම ඉතාමත් ගුණදායක වේ.
Comments
Post a Comment