ඕනෑම අයෙකුට ලිංගික ආශාව ඇතිවීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි.නමුත් ඒ නිසාම පුද්ගලයන් තමාගේ ජීවිතය විවිධ අවදානම් තත්ත්ව කරා යොමු කරගනු ලැබේ .ආශාවන් මත පදනම් වූ අවශ්‍යතාවක් බැවින් ඇතැම් පිරිස් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා දක්වා යොමු වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එච්.අයි.වී වැනි බරපතළ මට්ටමේ රෝගාබාධයන්ට පවා මුහුණ දෙනු ලැබේ.
ඔබත් මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවකට කෙදිනක හෝ යොමු වූ අයෙක් නම් හා එවැනි රෝගයක් ඇතිවීමේ කුමන හෝ හේතුවකට මුහුණ දුන් අයෙක් නම් තමා එච්.අයි.වී ආසාදිත ද නැද්ද යන්න සොයා බැලීම ඉතා වැදගත්.නමුත් මේ පිළිබඳ පරීක්ෂා කර ගැනීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන්නේ තමාගේ අනන්‍යතාව බාහිර ලෝකයට නිරාවරණය වුවහොත් එය ගැටලුකාරී යැයි සිතන බැවිනි.නමුත් තමාගේ අනන්‍යතාව පිළිබඳව රහස්‍යභාවයරෝගය පරීක්ෂා කරන අංශ මගින් ආරක්ෂා කරන නමුත්ඒ පිළිබඳව පවත්නා සුළු හෝ ගැටලුකාරී තත්ත්වයක් වේ නම්එවැනි අයට මුඛ තරල භාවිතා කරමින් නිවසේදීම විනාඩි කිහිපයකින් තමා එච්.අයි.වී ආසාදිත ද නැද්ද යන්නසොයා බැලීමට දැන් හැකියාවක් තිබේ.එම පරීක්ෂණ සිදු කර ගැනීමට අවශ්‍ය පරීක්‍ෂණ කට්ටල ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන හරහා නිවසටම නොමිලේ ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබේ.මෙම පරීක්ෂණය සඳහා භාවිතා කරන මුඛ තරලය යනු ඛේඨයම නොවන අතර මුඛයේ ඇතුළත බිත්ති මත සුළු බලයක් යොදා ලබා ගන්නා සාම්පලයක් වන අතර සාම්පලය ලබා ගන්නා ආකාරය පරීක්‍ෂණ කටයුතු ලබාදීමත් සමඟ දැනුවත් කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබේ .
Comments
Post a Comment