කුඩා දරුවන්ගේ කෝපය ‘Tantrums’ යනු ඔවුන්ගේ චිත්තවේගීය වර්ධනයේ සාමාන්‍ය අංගයක්. දරුවන්ගේ කෝපය සමඟ කටයුතු කිරීම දෙමාපියන්ගේ අභියෝගාත්මක අංගයක් විය හැකිය. මෙය වයස අවුරුදු 1 2/1 සිට ඇතැම් විට අවුරුදු 4 දක්වාත් කුඩා දරුවන් අත්විදින සාමාන්‍ය සංවර්ධන අවදියක්. එය බෝහෝ විට ඇඩීම, තරහා ගැනීම, කෑගැසීම, පයින් ගැසීම හෝ පහර දීම සහ කලකිරීම් වලින් පිරී තිබෙන්නක්.
මේ වයසේදී දරුවන්ගේ කතන හැකියාව සම්පූර්ණයෙන්ම නැති නිසා එයාලට අදහස් ප්‍රකාශ කිරීම් නිවැරදිව කරන්නත් මනසේ ඇතිවෙන සිතුවිලි ක්‍රමානුකූලව හසුරවාගන්නත් බැහැ.ඒ සදහා අවශ්‍ය ඉවසීම ප්‍රගුණ කරගෙන නැහැ. එහෙම වෙලාවට අදහස් ප්‍රකාශ කරන්නට යාමේදී නිසිලෙස අදහස් හසුරුවා ගැනීමට නොහැකි නිසා කලබලයට හා කලකිරීමට පත් වී කලහාකාරි ලෙස හැසිරෙන්නට පටන් ගන්නවා.
දරුවන්ගේ කේන්තිය (tantrum) අතරතුර,
1. ඔබේ දරුවාට නිසි ලෙස හැසිරෙන ලෙස කෑගැසීම
2. තාර්කික හේතුවක් සහිතව පැහැදිලි කිරීම
3. ඔබේ දරුවාට දඬුවම් කිරීම
❌ යන මේ දේවල් කිරීමෙන් ඵලක් නැත. ❌
✅ඔබේ දරුවා කෝපය මැද සිටින විට - ඔවුන්ගේ සිතීමේ මොළය (thinking brain) ක්‍රියා විරහිත වී ඇත.
✅තවද ඔවුන් දැන් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ චිත්තවේගීය මොළයෙන් (emotional brain) පමණි.
❤🔥ඔබ ඔවුන්ට කෑ ගසන විට ඔවුන්ගේ කෝපය නරක අතට හැරේ, මන්ද අසතුටට අමතරව - ඔවුන් දැන් බියට පත්ව සිටිති.
😶තාර්කික හේතුවකින් පැහැදිලි කිරීමේ තේරුමක් නැත.
සිතීමේ මොළය නොබැඳිව - ඔවුන්ට පැහැදිලි කිරීම් සහ තර්කනය තේරුම් ගත නොහැක.
🫥ඒ වගේම දඬුවම් කිරීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵලයි. මන්ද සිතීමේ මොළය නොබැඳි ලෙස ඔබේ දරුවාට ඔවුන් කරන දෙය, ඔවුන්ට ලැබෙන දඬුවමට සම්බන්ධ කළ නොහැක.
ඒ නිසා දඩුවම මොකක්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ.
එවිට ඔබ කළ යුත්තේ කුමක්ද?
💠දරුවා අඬන්න පටන් ගත්තාම අසාමාන්‍ය ලෙස හැසිරෙන්න ගත්තාම, පලවෙනිම දේ ඔබ සන්සුන් වෙන්න.
💠එයාට අඩන්නට වෙලාව දෙන්න.
💠යම්තාක් දුරට සැනසීමට පත් උනාම,
ඔබව විශාලව හා බියජනක ලෙස නොපෙනෙන ලෙස පහතට නැමී ඔවුන්ගේ ඇස් මට්ටමට එන්න.
💠මෘදු ලෙස සහ සන්සුන්ව කතා කරන්න.
💠ඔවුන් කලබල වන්නේ මන්දැයි ඔබට වැටහෙන බව පවසන්න.
💠ඒ වගේම කිසිම දෙයක් කරන්න බැරි එක ගැන කනගාටුව ප්‍රකාශ කරන්න.
ගොඩාක් අම්මලා කරන වැරැද්දක් තමයි දරුවා අඬන එක නවත්වන්න ඉල්ලපු දේ දරුවාගේ අතේ තියන එක. මේකෙන් වෙන හානිය වැඩියි.
💠ඔවුන්ව වැළඳ ගෙන සැනසීමට අවශ්‍ය දැයි විමසන්න.
💖මෙය ස්නායු විද්‍යාව පදනම් කරගත් උපාය මාර්ගයක් වන බැවින් මෙය වඩාත් ඵලදායී උපාය මාර්ගයක් වනු බව නිසැකයි.
💠දරුවාව තුරුලට අරගෙන, ආදරෙන් වැළඳගෙන සිඹින්න.
ඉන්පසු මෘදු විදිහට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්න.
💠එයා හොද දරුවෙක් බවත් මේ වගේ හැසිරීමේදී ඔබේ හිත හොදටම රිදෙන බවත්, ඔබ අසතුටු බවත් කියන්න. ‘Sorry’ කියන වචනය ඔබ එයාගෙන් බලාපොරොත්තු වෙන බව හඟවන්න.
💠එයා සතුටුවන cartoon එකක character එකක් ගැන හෝ එයා විනොදවුණු දවසක් ගැන මතක්කරලා එයාගේ මනස වෙනතකට යොමුකරන්න.
💠 ගෙදරදීනම්, එයා කැමතිම සෙල්ලමක් කරන්න.
කුඩා දරුවන්ගේ කෝපය පාලනය කිරීම සඳහා ඉවසීම, අවබෝධය සහ ප්‍රායෝගික උපාය මාර්ග අවශ්‍ය වේ.
Comments
Post a Comment