කාන්තාවන් අතර සුලබ ගැබ්ගෙල පිළිකා වැලැක්වීම සදහා ලබාදෙන එන්නත හියුමන් පැපිලෝමා වයිරස් එන්නත හෙවත් HPV එන්නත නම් වේ. වාර්ෂිකව ගැබ්ගෙල පිළිකාවලට ගොදුරුවන රෝගීන් සංඛ්‍යාව 800 - 1000 අතර වන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම හියුමන් පැපිලෝමා වෛරසය නැතහොත් (HPV) වෛරසය හේතුවෙන් ඇතිවන ගැබ්ගෙල පිළිකා තත්වය නිසා අකාලයේ මිය යන ප්‍රමාණය අඩු කිරීම සදහා ශ්‍රි ලංකාවේ සැම පාසලකම පාසල් දරුවන්ගේ වයස අවුරුදු 10 සම්පූර්ණ කරන ලද 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ගැහැණු දරුවන් සදහා මෙම එන්නත මාත්‍රා දෙකක් (02) ලෙස ලබාදෙනු ලැබේ.පළමු මාත්‍රාව ලබාගෙන මාස 6ක් සම්පූර්ණ වු පසු දෙවන මාත්‍රාව ලබාගත යුතුයි.
මෙම එන්නත් දෙක නිසි ආකාරයට ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගත හැකිය.2017 වර්ෂයේ සිට පාසල් එන්නත්කරන වැඩ සටහනේ දී ගැහැණු දරුවන් සදහා මෙම එන්නත ලබා දේ.
ඔබට හෝ ඔබගේ දරුවන්ට යම් ඖෂධයක් හෝ එන්නතක් ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව කරුණු විමසිමට ඔබට අයිතියක් ඇති අතර එම ඖෂධය ප්‍රතික්ෂේප කිරිමටද ඔබය අයිතියක් ඇත.
Comments
Post a Comment