දත් ශක්තිමත් කරන බෙලි

 

ඖෂධීය ගුණය බහුල රසවත් පලතුරකි. ක්ෂිර
ඵල නමින් ද ව්‍යවහාර වේ. බොහෝ රෝග සුව කිරීමට උදව් වේ. ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකියි. සිරුරේ ඉදිමුම නැති කිරීමේ ගුණය ඇත. අර්ශස් රෝගයට සුදුසුයි. හෘද රෝගවලට හිත කරයි. තුවාල සුව කිරීමේ ගුණය ඇත. කර්ණ රෝග, ඇස් රෝග වලට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. සමෙහි ඇතිවන දිලීර ආසාදන නැති කරයි. සමෙහි පැහැපත් බව ඇති කරයි.


මල පිටවීම හොඳින් සිදු කරන අතර ආහාර දිරවීම පහසු කරයි. ආහාර රුචිය ඇති කරයි. කොලෙස්ටරෝල් ඇති රෝගීන්ට සුදුසුයි. තෛරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට ගුණ දේ. අනවශ්‍ය මේදය තැන්පත් වීම වළකයි. ඇදුම, පීනස් රෝගීන්ට ගුණදායකයි. විදුරුමස් ලේ ගැලීම වළක්වයි. දත් ශක්තිමත් කරයි. විදුරුමස් ශක්තිමත් කරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය මෙහි පවතින පෝෂක අතරට විටමින් A,B,C  කාණ්ඩ ද අයත්ය. ක්ෂුද්‍ර පෝෂක ලෙස කැල්සියම් පොස්පරස්, පොටෑසියම් ඇති අතර යකඩ සුළු ප්‍රමාණයක් ඇත. බෙලි ආහාරයට ගැනීමේදී ගසේ පැහී ඉදි වැටෙන ඒවා ගැනීම වඩාත් සුදුසුයි.ගර්භනී කාන්තාවන්ට හා කිරිදෙන මව්වරුන්ට ආහාරයට ගැනීම සුදුසු නැත.

Comments