ප්‍රමිතියෙන් තොර බාල සබන් ආලේප කිරීම නිසා බිළිදුන්ගේ සමේ විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පවසන්නීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කියා සිටියාය.
වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙමව්පියන් වෙළද පළේ ඇති බාල සබන් වර්ග තම බිළිදුන් වෙනුවෙන් මිලදී ගන්නවා.එසේ මිල පිළිබදව අවදානය යොමු කරන පාරිභෝගිකයින් ඉලක්ක කර ගත් කිසියම් කණ්ඩායමක් ප්‍රමිතියෙන් තොර බාල බිළිදු සබන් වර්ග වෙළද පලට එක් කර තිබෙන බවක් දැන ගන්නට තිබෙනවා.මේ නිසා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ ප්‍රමිති කාර්යංශයෙන් සහතික කර ඇති බිළිදු සබන් වර්ග තම දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා ලෙසයි.
සමේ විවිධ සංකුලතා ඇතිවූ බිළිදු දරුවන් සම්බන්දයෙන් දිවියිනේ විවිධ ප්‍රදේශ වලින් අපට දැන ගන්නට ලැබුණා.එම දැන ගැනීමෙන් පසුව කරන ලද සොයා බැලීමේදී මේ බව තහවුරු කර ගැනීමට හැකිවූණා.ඒ නිසා ප්‍රමිතියෙන් තොර බිළිදු සමට නොගැලපෙන සබන් වර්ග බිළිදුන් වෙනුවෙන් භාවිතා නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.මෙම ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේ අතුරුපල දරුවන්ට වර්තමානයට වඩා අනාගතයේදී අත් විදීමට සිදුවන අතර දරුවන්ගේ ඇග ගල්වන සබන් වල 78% කට වඩා ඉහළ අගයකින් යුක්තව TFM අන්තර් ගතව තිබිය යුතු බව ප්‍රමිති කාර්යංශය විසින් අනුමත කර තිබේ.ඒ බැවින් ඔබගේ දරුවන්ගේ අනාගතය පිළිබදව සිතනාවානම් ප්‍රමිතියෙන් යුතු සබන් වර්ග පමණක් භාවිතා කිරීමවඩාත් නුවණට හුරුයි.
Comments
Post a Comment