ස්ථානයක් තෝරා ගැනිම
වැසිකිළි,අපිරිසුදු ජලය ගලා යන දුගද හමන අපිරිසුදු ස්ථානයක් නොවිය යුතුයි.
බල්ලන් , පුසන් සහා රෝග කාරක සත්ත්වයන්ගෙන් තොර වූ ස්ථානයක් විය යුතුයි.
පිරිසුදු ජලය ප්‍රමාණවත් තරම් තිබිය යුතුයි.
ප්‍රමාණවත් ඉඩ පහාසුකම් තිබිය යුතුයි.
සියලුම ස්ථාන ආවරණය විය යුතුයි.
පුද්ගලයන්ට අනතුරුදායක නොවිය යුතුයි.
ආහාර ද්‍රව්‍ය තෝරා ගැනිම
කෘමි හානි නොවුන, කල් ඉකුත් නොවු,පුස් නොබැදුණු, පැළ නොවුණු , නොතැලුණු ටින් කළ අමුද්‍රව්‍ය භාවිතා කරන්න.
ආහාර ගබඩා කිරිමේදි ශීතකරණ නියමිත උෂ්ණත්වයෙ හා දුෂණය නොවන ලෙස ගබඩා කරන්න.
එළවළු ගැනිමේදී පණුවන් නැතී, ලුණු හෝ විනාකිරි වැනි සුදුසු විෂ්බිජ නාශකයක් යොදා පිරිසුදු කර ගන්න.
බිත්තර ගැනිමේදී කුකුල් අසුච් නැති බිත්තර තෝරා ගන්න.
ආහාර සකස් කිරිමට යොදාගන්නා උපකරණ
ප්‍රමාණවත් තරම් අවශ්‍ය ප්‍රමාණයට උපකරණ භාවිතා කළ යුතුයි.
තැලුන,පොඩි වුණු,පිරිසුදු කිරිමට අපහසු සහා ප්ලාස්ටික් භාජන භාවිතා නොකරන්න.
නිතරම සොදා පිරිසුදු කොට භාවිතා කරන්න.
හොදින් සෝදා පිරිසුදු කර නැවත අසුරා තබන්න.
ආහාර එතිම,වැසිම වැනි කටයුතු සදහා මුද්‍රිත පත්තර භාවිතා කිරිමේන් වලකින්න.
ආහාර පිසින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වය
ආහාර සැකසිමට සුදුසු නිරෝගීමත් පුද්ගලයන් විය යුතුය (කුෂ්ට,දද තුවාල,හොරී සහිත මෙන්ම ඔවුන් අපිරිසුදු නොවිය යුතුයි)
පිරිසුදු ඇදුමක් භාවිතා කළ යුතුයි.
හිස්වැසුම් භාවිතා කළ යුතුයි.
බුලත්,සිගරට්,චුයින්ගම් වැනි දෑ භාවිතා කිරිමේන් වැළකිය යුතුයි.
ආහාර පිළිගන්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය
රෝග තත්ත්ව වලින් තොර විය යුතුයි.සෑම විටම පිරිසුදුව ඇදුම්, කැප්,මුඛ ආවරණ සහා ග්ලව්ස් පැළදිය යුතුයි.
පිරිසුදු උපකරණ භාවිතා කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස භාවිතා කිරිමට උපදෙස් ලබාදිය යුතුයි.
අප ජලය සහා කසළ අවසන් බැහැරළිම
ප්‍රමාණවත් තරමට කසළ බදුන් තැබිමට කටයුතු කිරිම( දිරණ නොදිරන ලෙස සදහන් කරමින්)
අත් සේදිමට ප්‍රමාණවත් කරාම සහිත ජලය සැපයිය යුතුයි.අත් සේදිම සදහා විසබිජ නාශක හෝ සබන් තැබිය යුතුයි.
ආහාර පරිභෝජනය කර ඉතිරිවන දෑ සියල්ල වෙන වෙනම කුණු වලවල් දෙකට ඉවත් කොට ඒ සදහා TCL හෝ විසබිජ නාශකයක් භාවිතා කොට එම වලවල් දෙක පරිසරයට විවෘත නොවන ලෙස වැසිය යුතුයි.
දන්සැල් කටයුතු අවසන් කිරිම
දන්සැල් කටයුතු අවසන් කිරිමේදී භාවිතා කරනු ලැබු උපකරණ පිරිසුදුව නැවත ඉවත් කළ යුතුයි.
අදාළ ප්‍රදේශය තිබු තත්ත්වයට පත්කොට,පිරිසුදු කොට මදුරුවන් බෝ නොවන ලෙස සකස් කළ යුතුය.
ඉවත් කරණය ලද අපද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඉවත් කළ යුතුයි.
ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඔබ මෙම දන්සැල පැවැත්වීමට බලාපොරොත්තුව වන ප්‍රදේශයෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලිඛිතව දැනුවත් කොට අවසර ලබාගැනිම කළ යුතුයි.
ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබේ.එසේ නොකරන ලද දන්සැල් සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සිදුකළ හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පිරිසුදුව ,පිරිසුදු සිතින් දන්සල කටයුතු ඉටු කරන්න.
Comments
Post a Comment