ගංවතුර තත්වය පහව ගිය පසු සහ වර්ෂාව මධ්‍යයේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අතිශය තීව්‍ර හා අවදානම් මට්ටමකට වර්ධනය වී තිබේ .සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. ඒ අතරින්ද වැඩිම.රෝගීන් පිරිසක් කොළඹ නාගරික බල ප්‍රදේශයන්ගෙන් වාර්තා වෙයි .
මේ දත්ත අනුව ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, කුරුණෑගල, ගාල්ල ආදී ප්‍රදේශ ඩෙංගු ව්‍යාප්තිය සුලබ ප්‍රදේශ ලෙස මේ වන විට හදුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මෙම අවදානම් සහගත තත්වය හමුවේ ඩෙංගු රෝග මර්දන කටයුතු කෙරෙහි මහජන මහජන අවධානය මෙන්ම සහාය අත්‍යවශ්‍ය වෙයි.නිවෙස් අවට හා නිවෙස තුල ඩෙංගු මදුරුවන් බෝ වන පරිසරයක් නොමැති බවට තහවුරු කර ගැනීම හා නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ. එසේම තම නිවස හා අවට නිවැසියන් එක්ව අවට පරිසරය හා පොදු ස්ථාන පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. සීග්‍රයෙන් ඩෙංගු පැතිරීයාම පාලනය කර නොගතහොත් තවත් මාස කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ ලකුණු පහලවී තිබේ.
මේ දිනවල උණ පවතීනම් පැරසිටමෝල් හැර අන් කිසිදු ඖෂධයක් ලබා නොදිය යුතුය. ඩෙංගු රෝගය පවතීද යන්න නිශ්චිතව සොයා ගැනීමට බාහිර රෝග ලක්ෂණ පහලවී දින තුනකින් පසු රුධිර පරීක්ෂණ සිදුකර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉන් අනතුරුව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම මගින් ජීවිත ආරක්ෂාව සහතික කරගත යුතුය.
ඩෙංගු ආසාදනයෙන් පසුව ඇතිවන බාහිර රෝග ලක්ෂණ පුළුල් පරාසයක විහිදෙයි.එහෙත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ සමහර පුද්ගලයින්ට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි.එසේම සමහරුන්ට ඩෙංගු ආසාදනය සාමාන්‍ය වෛරස ආසාදන තත්වයක් සේ පෙන්නුම් කරයි. එහෙත් ඩෙංගු ආසාදනයේ ප්‍රධාන බාහිර රෝග ලක්ෂණ නිවැරදිව දැන සිටීම වැදගත් ය. එක් වරම ඇතිවන තද උණ ,තදින් හිසරදය ඇතිවීම හා ඒ සමගම ඇස පිටුපස ප්‍රදේශයේ වේදනාව,සිරුරේ හන්දිවල මෙන්ම මාංශපේශි වල වේදනාව ,ප්‍රධාන රෝග ලක්ෂණ වේ. සමහර පුද්ගලයින් ගේ රතු පාටට විහිදුනු සමේ මතුවන දද හා ඇතැම්විට විදුරුමස්,නාසය ,ශ්ලේෂ්මල පටල හා සමෙන් ලේ ගැලීමද දැකිය හැකිවේ.කුඩා දරුවන් කෙරෙහි මේ දිනවල විශේෂ විමසිල්ලෙන් පසුවීමත් ,දරුවන්ට මෙන්ම වැඩිහිටියන් ටද උණ පවතී නම් ආරම්භයේ සිටම සිරුර වෙහෙසවන කටයුතු වලින් වැලකී විවේකයෙන් සිටීමත් අත්‍යවශ්‍ය වේ
Comments
Post a Comment