දරුවන්හගේ හතිය අඩු නොවීමට වැඩිහිටියන්ගේ දුම්පානය ප්‍රබල හේතුවක්



වැඩිහිටියන් දුම්පානයට ඇබ්බැහි වී ඇති නිවෙස්වල දරුවන්ට හතිය ඇතුළු ශ්වසන රෝග වැළඳීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ලෙස ඉන්හේලර් භාවිතය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළත් ඇතැම් දෙමාපියන් දරුවන් එයට ඇබ්බැහි වනු ඇතැයි බිය සැක පළ කරනු ලැබේ.නමුත්සැබෑ ගැටලුව ඒ වන් දරුවන් සිටින නිවෙස්වල  වැඩිහිටියන් දුම්පානය කිරීම බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා  දෙයි..

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා සීතල වැඩිවීම හේතුවෙන්ද කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් උණ මෙන්ම ළමා හතිය ද වැඩි වී ඇති බව දෛනික රෝහල් වාර්තා මගින් තහවුරු වී ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.


Comments