තද යට ඇදුම් නිසා ශුක්‍රාණු අක්‍රීයවිය හැකියි



පැය 8කට වඩා යට ඇඳුමින් සිටින්න එපා



යට ඇඳුම් දිනපතා හොඳින් සෝදා පිරිසුදු කර තද අව් රශ්මියෙන් වේලාගත යුතුය. තද හිරු රශ්මිය නිසා සියලු විෂබීජ විනාශ වී යයි. තවද ඇඳ නොසිටීමට වගබලාගන්න. හේතුව ඉකිළි ප්‍රදේශවල දහඩිය දැමීම නිසාත් අපිරිසුදු හා රළු යට ඇඳුම් නිසාත් දිලීර ආසාදන ඇතිවිය හැක. ඒවා කැසීමට ලක්වී සැරව මතු වී තුවාල ඇතිවිය හැක.


ලිංගේන්ද්‍රියේ ආරක්ෂාව

 තදට - හිරට යට ඇඳුම් අඳින පිරිමි පක්ෂය ද බොහෝය. අවබෝධයෙන් තොරව යට ඇඳුම් තෝරා ගැනීම නිසා අනාගතයේදී පසුතැවිලි වන්නට සිදුවන්නේ ද ඔවුන්ටමය. පිරිමි යට ඇඳුම් පිළිබඳව සලකා බැලීමේදී ඒවා කවර ආකාරයකින් හැඳින්වුවද ලිංගේන්ද්‍රය ආරක්ෂා කර ගැනීමට යට ඇඳුම් අත්‍යවශ්‍යය.ප්‍රධාන වශයෙන් ශිෂ්ණය, වෘෂණ කෝෂ, වෘෂණය ආදිය තුවාල වීමෙන්, ගැටීමෙන්, තැලීමෙන්, තද වීමෙන්, පහර වැදීමෙන් සිදුවන අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම අතිශයින් වැදගත්ය. තවද ඔවුන්ට තිබෙන වාසිය වන්නේ විලිවසා ගැනීමට අඳින කලිසමයි. ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ආරක්ෂා වීමට එය රුකුළක් වේ.


නයිලෝන් නිසා දිලීර ආසාදන


 පුරුෂ යට ඇඳුම් තෝරා ගැනීමේදී කපුවලින් තැනූ මෘදු වාතය ගමන් කළ හැකි සිදුරු සහිත ඒවා තෝරා ගන්න. නයිලෝන් අද ව්‍යාප්තව ඇතත් ඒවා කෘත්‍රිම රෙදිවලින් සකසා ඇති නිසා සෞඛ්‍යයට අහිතකරය. කපු ඇඳුම්වලින් දහඩිය උරා ගැනීම නිසා වාතාශ්‍රය සපයන නමුදු නයිලෝන් නිෂ්පාදන නිසා ස්‍රාවය වන දහඩිය සහ චර්ම ස්‍රාවයන් රඳවා ගන්නා බැවින් එම ප්‍රදේශයෙන් දුඟදක් හමයි. යට ඇඳුම් තෙත්වීම හේතුවෙන් දිලීර ආසාදන ඇති වේ. දුර්ගන්ධයක් හමයි.

ශුක්‍රාණු අක්‍රීයවිය හැකියි


යට ඇඳුම් තෝරා ගැනීමේදී දෙපා සහ කලවාවලට තද නොවන පරිදි තට්ටම් පෙදෙස හිර නොවන පරිදි තරමක් ඉහිල් යට ඇඳුම් තෝරාගන්න. තද යට ඇඳුම් සිරුරට අපහසුවක් ගෙන දෙන අතර තද හිර යට ඇඳුම් නිසා දරුවන් නොලැබී වඳ භාවයට ද පත්විය හැක. ශූක්‍ර මෝචනයකදී බැහැර වන ශූක්‍රාණු ප්‍රමාණය අඩුවිය හැක. වෘෂණ කෝෂ උදර කුහරයෙන් පිටත පිහිටි වලල්ලක් ලෙස පිහිටා ඇතත් ඒවාගේ නිසි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.8ක අඩු උෂ්ණත්වයකදීය. තද යට ඇඳුම් ඇඳිම වෘෂණ කෝෂ ශරීර උෂ්ණත්වයට සම වෙමින් ශුක්‍රාණු අක්‍රිය කරවීමට ක්‍රියාකාරී විය හැක.

හර්නියා සහ අර්ශස්

අක්‍රීය ශුක්‍රාණු නිසා දරුඵල නොලැබේ. එසේම හර්නියා, අර්ශස් වැනි රෝගවලට තද යට ඇඳුම් හේතුවකි.

මාස 06 කට වරක් බැගින් නැවත නැවත මිලදීගන්න


ශරීරය වර්ධනය වන නිසා මෙම යට ඇඳුම් සඳහා  මාස 06 කට වරක් බැගින් නැවත නැවත ලබාගෙන නියමිත ප්‍රමාණයට යට ඇඳුම් මිලදී ගන්න. එවිට ඔබට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු නොවනු ඇත.


Comments