වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
'මේ දිනවල රට පුරා පවතින්නේ අයහපත් කාලගුණික තත්ත්වයක්.මෙම කාලගුණික තත්ත්වයත් සමග ජනතාව අතර විවිධ රෝගාබාධ පැතිර යාමේ අවදානමක් තිබෙනවා.විශේෂයෙන්ම ඩෙංගු,පාචනය සහ මී උණ ඒ අතරින් ප්‍රධාන වනවා.මුලින්ම ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතු වනවා.අනවශ්‍ය ආකාරයට ජලයේ බැස විනෝද වීම හේතුවෙන් විවිධ අනතුරු සිදු විය හැකිවනවා සේම ඔබ නොදැණුවත්ම රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රවනතාවයත් වැඩියි.
වෙනත් කාලවලදී රෝග පැතිර යාම වැළැක්වීම සදහා විවිධ ඖෂධ වර්ග අපි ජනතාවට බෙදා දීම සිදු කළා. නමුත් අවාසනාවකට මෙම අවස්ථාවේ ජනතාවට නොමිලේ බෙදා දෙන්න තරම්
ඖෂධ අපි සතුව නෑ.ඒ නිසා ජනතාවගෙන් මුලින්ම ඉල්ලා සිටින්නේ ඔබ පරිස්සම් වෙන්න කියන එකයි.රජයෙන් මේ අවස්ථාවේදී දැඩිව ඉල්ලා සිටිනවා විවිධ රෝග පැතිර යාමට පෙර ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කර අවශ්‍ය ඖෂධ වර්ග ලබා දෙන ලෙස.එසේ නොවුවහොත් සිදුවිය හැකි විනාශය අති ප්‍රබල බවත් මතක් කළ යුතුයි.
ඒවගේම සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින්ද අපි ඉල්ලා සිටින්නේ පවතින ව්‍යසනයෙන් ජනතාවට සහනයක් සැළසීම සදහා ඉදිරිපත් වන ලෙසයි. අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ඖෂධ ලබා දීමෙන් එම සංවිධාන වලට මේ අවස්ථාවේදී විශාල සේවාවක් කළ හැකි බවද අපි මතක් කරන්න කැමතියි.'
Comments
Post a Comment