ඇස් පෙනීම වර්ධනය කරන මුගුණුවැන්න

 




ඇස් වලට ගුණදායකය, ඇස් පෙනීම වර්ධනය කරයි. හිසකෙස් වඩවයි, පටක වල ගෙවී යාම අඩු කරයි. (හන්දි රෝග වලට ඉතාමත් හොද ඖෂධයකි) අකලට හිසකෙස් පැසීම, වැටීම නවතාලයි, හිසකෙස් කළු පැහැ ගන්වයි, ධාරණ ශක්තිය ලබා දෙයි, සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව් කරයි. සම පැහැපත් කරයි.මුගුණුවැන්න තෙල් ඇස් දැවිල්ල, හිස දැවිල්ලට, මුඛයේ රෝග පමණක් නොව කට දිව පැලීමට ද භාවිතකරයි.

සමේ රෝග වලට සුදුසුයි. හොදින් මළ පිටවේ. ආහාර හොදින් දිරවයි, පිත සමනය කරයි, කිරි දෙන මවුවරුන් ගේ තණ කිරි වැඩි කරයි, රක්ත දූෂණය, දැවිල්ල, කුෂ්ට රෝග, පාණ්ඩු රෝග, වාත රක්තය නැති කරයි. අපස්මාරයට, සෙංගමාලයට ද හොදය. මුත්‍රා සමග ලේ සහ සැරව පිට වන විට මුත්‍රා දැවිල්ලටත් සුදුසුය.


කුඩා ළමයින්ට කොළ කැද ඉතාමත් සුදුසු පානයකි. කැද ආකාරයෙන් පානය කිරීමේදී එය ශරීරයට උරා ගැනීම පහසු වේ. මුගුණුවැන්න ආහාරයට ගැනීමේදී මැල්ලුමක් විදියට පමණක් නොව කැද ආකාරයෙන් හෝ දලු තම්බා ද පානය කළ හැකිය.මුගුණුවැන්න රෝග කිහිපයක් සදහා අත් බෙහෙත් සකස් කර ගැනීමටද භාවිතා කරයි.







Comments