ගංවතුරෙන් මියගිය කුකුළන් මසට අලෙවි කරන ජාවාරමක් - පරිස්සමින්

 

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බවයි එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.



එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බවත් තොරතුරු ලැබුණ හොත් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

Comments