ගංවතුර තත්ත්වයන් සම්බන්ධව නිකුත් කරන නිවේදන ගැන ඇතැම් පුද්ගලයින් නොසලකා හැරීම බලවත් වැරැද්දක් .ජනතාව එම නිවේදන වලට අවනත වීම ඉතා වැදගත්.
01. ගංවතුර පවතින ස්ථාන නැරඹීමට යෑම සහ විනෝද වීම
සෑම විටම අනතුරුදායක මට්ටමින් ඈත්ව කටයුතු කිරීමට පියවර ගන්න.
ගංවතුරට බැසීමෙන් වලකින්න. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් විවිධ බැක්ටීරියා වර්ග ආසාදනය වීමට ඇති හැකියාව ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි.
02. ගංවතුරේ පිහිනීම සහ ඔරු පැදීමෙන් වළකින්න
03. විදුලි රැහැන් ඇල්ලීමෙන් වළකින්න
ගංවතුර තත්ත්වය සමග ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ඇති විදුලි රැහැන් ඇල්ලීමෙන් වලකින්න.
04. වාහන ධාවනය හැකිතාක් සීමා කරන්න
නමුත් අදාළ මාර්ගවල තත්ත්වය සහ ජල මට්ටම ගැන අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය.
ගංවතුර ඇති අවස්ථාවල ළිං ඇතුළු ජල සැපයුම් මාර්ග අපිරිසිදු විමට ඉඩ ඇතිබැවින්
ඒ පිළිබඳව අවධානය යොමු කොට උණුකර නිවාගත් පිරිසිදු ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන්න.ආහාර පිසීමට සහ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට ගංවතුර භාවිත නොකරන්න.ගංවතුරට නිරාවරණය වූ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වලකින්න.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි
Comments
Post a Comment