තරහා සංසිඳුවා ගැනීමට ක්‍රම 10 ක්
ජීවිතයේ අපට මුහුණ දෙන්නට සිදුවන සෑම අත්දැකීමක්ම ඒකාකාරී වුනොත් එහි යම් නීරස බවක් ඇතිවන්නට පුළුවන් . නමුත් අප එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ අත් දකින දේ කිසිවිටෙකත් ඒකාකාරී නොවනවා පමණක්ම නොවෙයි ඒවා නිසා අප තුළ ඇතිවන විවිධ මනෝභාවයන්ද එකිනෙකට වෙනස් වේ. එසේ ඇතිවන මනෝභාවයන් විවිධාකාර වුවත් සතුට , දුක වැනි දේවල් පොදුවේ අප කාහටත් නිරන්තරයෙන් අත් දකින්නට ලැබෙන අතර මේ කුමන ආකාර හැගීමක වුවත් සීමාව ඉක්මවා යාම කිසි විටෙකත් ඔබගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යට නම් යහපත් නොවන්නේය .එසේ වුවත් සාමාන්‍යයෙන් පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් නිසා ඇතිවන මෙවැනි හැගීම් අතිශය ස්වභාවික වන අතර ඒවා නිවැරදිව හසුරුවා ගන්නේ කෙසේද යන්න පිළිබදව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් . බොහෝ අවස්ථාවල අප කැමති වුවත් අකමැති වුවත් එසේ අපට ඇතිවන හැගීම් අතර තරහාවට හිමි වන්නේ වඩා වැදගත් ස්ථානයක් . තරහා විවිධ පුද්ගලයාට දැනෙන ආකාරය විවිධාකාර වන නමුත් එය ආකාර කිහිපයක් මගින් විග්‍රහ කළ හැකියි. එය ආකාර තුනකි .
ආවේගශීලී තරහා
මෙහිදී සිදුවන්නේ යම් දෙයක් නිසා ඇතිවන තරහා ක්ෂණිකව ඇති වි නැවත නැති වී යාමයි .
දීර්ඝ කාලීනව පවතින තරහා
හිතෙහි කැකෑරෙමින් දීර් ඝ කාලයක් පුරා පවතින තරහා මේ නමින් හදුන්වනු ලැබේ . හැම විටෙකම හිතේ තැන්පත්ව පවතින මෙම තරහා සිතින් ඉවත් වන්නක් නොවේ.
මෙම තත්ත්වය නිරන්තරයෙන් ඇතිවන තරහා ලෙසද විග්‍රහ කළ හැකියි. මෙසේ ඇතිවන තරහාව සදහා හේතුවක්ද අවශ්‍ය වන්නේ නැත.
තරහා පාලනය
යම් අයෙකුට තරහක් ඇති වූ අවස්ථාවකදී කළ හැකි වඩාත් සුදුසුම දේ වන්නේ හැකි තරම් කාලයක් ලබා ගැනීමයි . එසේ කාලය ලබාගැනීම මගින් එසේ ඇතිවන තරහාව නිවා ගැනීමට හැකියාව ලැබේ . නමුත් විවිධ පුද්ගලයාට ඇති වන තරහාව විවිධාකාර වනවා වගේම එය සංසිදුවා ගැනීම සදහා යොදා ගන්නා ක්‍රම ද එකිනෙකට වෙනස් වේ . තවත් සමහර පිරිසකට තරහාව අඩුකර ගැනීමට මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමට සිදුවේ .
ඒ වගේම තරහා ඇති වන වාර ගණන අඩුකර ගැනීමට ඖෂධ ද නියම කරන අවස්ථා ද තිබේ . නමුත් එය මානසික රෝග පිළිබද වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ .
තරහක් ඇති වූ විට 10 ට හෝ 20ට ගණන් කිරීම .- ගැඔුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුරින් හා සෙමින් හුස්ම ගැනීම .
- සීතල වතුර වීදුරුවක් පානය කිරීම .
- තරහා ඇති වූ තැනින් ඉවත් වී යාම .
- තරහා නැති වී යන තුරු එක් අතකින් අනෙක් අත තදින් මිරිකාගෙන සිටීම .
- පාළු ස්ථානයකට ගොස් හැකි තරම් හයියෙන් කෑ ගැසීම .
- කොට්ටයකට ,මෙට්ටයකට පහරදීම (තුවාල සිදුනොවන ලෙස).
- හොද යහළුවෙකුට කථා කිරීම හා ඔවුන් සමග ඔබට ඇති වූ අත්දැකීම් බෙදා ගැනීම .
- තරහා ඇති වූ හේතුව පිළිබද වෙනත් අංශයකින් සිතා බැලීම .
- භාවනාව ආදී සිත ලිහිල් ව්‍යායාම සිදු කිරීම .
- ශාරීරික ව්‍යායාම සිදුකිරීම .
Comments
Post a Comment