පිළිකා නසන පලතුරු මිතුරා - කටු අනෝදා





අනෝදා පළතුරකි. විශේෂයෙන්ම මෙහි පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇත. බඩවැලේ පිළිකා, පෙනහලු පිළිකා අග්න්‍යාශයේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාවක් පවතී. වෛරස් බැක්ටීරියා නාශක ගුණය බඩවැල්වල සිටින පණුවන් නැති කරයි. එසේම අධික රුධිර පීඩනය නැති කිරීමට උදව් වේ. මානසික ආතතිය දුරලයි. ස්නායු ආබාධවලට ගුණයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි. මුහුනේ පැහැය ඇති කරයි. හෘද රෝග නැති කරයි. ඇදුම නැති කරයි. ඇස් රෝග නසයි. මුත්‍රා ගල්වලට ගුණ දේ. පිත්තාශගත රෝග නසයි. ඇට මිදුළු හා දත් ශක්තිමත් කරයි. මාංශ පේශීන් වර්ධනය කරයි. දියවැඩියාව පාලනය කරයි. පිළිකාවකදී ඇතිවන හිසකේ ගැලවී යාම, බර අඩුවීම වැනි ලක්ෂණ අඩු වේ. ශරීරයේ බලය ඇති කරයි. ශක්තිය ඇති කරයි. මනා ප්‍රසන්න පෙනුමක් ඇති කරයි. අනෝදාවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණවලින් ඔප්පු කර ඇත. අනෝදා පිළිකා වර්ග 12ට ගුණ දෙන බව සොයාගෙන ඇත. මෙහිදී සිදුවන්නේ පිළිකා වර්ධන වේගය අඩු කිරීමයි. ශරීරය දුර්වල වීමට ඉඩ නොතබයි. නමුත් ශරීරයේ නිරෝගී සෛල විනාශ කරන්නේ නැත. අනෝදා, විෂ්මයාර්ථ ගුණදෙන පලතුරකි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම නවතියි. මුත්‍රා දැවිල්ල දුරු කරයි. තුවාල සුව කිරීම ඉක්මන් කරයි. සමේ රෝග නැති කරයි. සන්ධි රෝගවලට ගුණදෙයි. කකුල් ඉදිමුම නැති කරයි. දත් හා අස්ථි ශක්තිමත් කරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මෙහි ඇති පෝෂක කොටස්වලින් කොටසකි. විටමින් හා ක්ෂුද්‍ර පෝෂක සෝඩියම් මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් ඇත.


Comments