ටූත් පික් වලින් දත් සුද්ද කරන්න හොදද ?
කෑම කෑවට පස්සේ දත් අතර කෑම රැදෙන නිසා අපි කවුරුත් තරමක අපහසුතාවට පත් වෙනවා . ඒ අපහසුතාව මගහරවා ගන්නට විවිධ අය විවිධ උපක්‍රම භාවිතා කරමින් ඒවාට පිළියම් යොදනවා. ඇතැම් විට පිටතින් කෑම ගන්නවා නම් කෑම මේසය උඩ බොහෝවෙලාවට ටූත් පික් බහාලුමක් තිබෙනවා ඔබ දැක ඇති .
මේ විදිහට ටූත් පික් වලින් දත් සුද්ද කරන එක පුරුද්දට වගේ අපි කවුරුත් සිදු කළත් මුඛ සෞඛ්‍ය පිළිබද විමසා බලන විට එහි තිබෙන අවධානම කුමක් දැයි විමසා බැලීම ඉතා වැදගත් .
ටූත් පික් විතරක්ම නෙවෙයි ආහාර ගෙන අවසන් වූ පසුව දත් අතර රැදෙන කෑම කැබලි ඉවත් කරන්න විවිධ අය විවිධ දේවල් භාවිතා කරනවා . බොහොවෙලාව දත් අතර රැදුණුුුුුුුුුුුු කෑම කැබලි ඉවත් කරන්නට ඉරටු කැබලි, කටු කැබලි ,ෆයිල් කටු වගේ අතට හසුවන ඕනෑම දෙයක් භාවිතා කරන්න ඇතැම් අය පසුබට වෙන්නේ නැහැ .එසේ ප්‍රමිතියෙන් තොර ටූත් පික් හැරුණු විට ඉහත සදහන් විවිධ ද්‍රව්‍ය යොදාගෙන දත් සුද්ද කිරීම නිසා දත් , විදුරුමස්වලට හානි සිදුවන්නට පුළුවන් .
සාමාන්‍ය්‍යයෙන් දත් අතර , රැදෙන ආහාර කොටස් ඉවත් කරන්නට දත් බුරුසු , ඩෙන්ටල් ෆ්ලොස් ,වැනි දේ භාවිතා කළ හැකි වූවත් ඒවා යොදා ගැනීම සෑම විටෙකම ප්‍රායෝගිකව වන්නේ නැහැ . නිවසේදී එසේ දත් අතර රැදෙන කැබලි ඉවත් කිරීමට හැකි වූවත් පිටතදී එසේ කිරීමට නොහැකි නිසා ප්‍රමිතියකට සැකසු ටූත් පික් භාවිතා කර දත් අතර රැදුණු කෑම කොටස් ඉවත් කිරීමෙන් ඒ අවස්ථාවේදී ඔබ මුහුණ දෙන අපහසුතාවය මග හරවා ගන්න පුළුවන් .
Comments
Post a Comment