අපි පානයට ගන්න ජලය සැම විටකම උණුකර නිවා පානය කරන්න තමයි වෛද්‍යවරු අපට නිතරම උපදෙස් දෙන්නේ . ඒ කොහොම වුණත් ඉවසන්න බැරි පිපාසයක් ඇති වුණු අවස්ථාවකදී ජලයේ ගුණාත්මක බව සෙවීම පසෙක තබා අපිට ලැබෙන ජලය බින්දුවත් අපි උගුරට වත්කර ගන්නේ හරිම ලෝබකමින් .
කෙසේ වුණත් ජලය පානය කරන අවස්ථාවේදී අපට හැකි සෑම විටෙකම ජලය උණුකර නිවා ගෙන පානය කරන්නට වග බලා ගන්නට ඕන . එත් ඇතැම් අවස්ථාවල ඇතැම් පිරිස් උණුවතුර පානය කිරීම හොද දෙයක් නිසා තරමක් රස්නය තිබෙන ආකාරයට උණු ,ඇල් ජලය කලවම් කරලා පානය කරන අවස්ථාත් ඕනෑතරම් නමුත් බොන්න පුළුවන් ගාණට වතුර රස්නේ තිබුණත් ශරීරය තුළට මේ ජලය ඇති කරන බලපෑම කුමක් වෙන්න පුළුවන්ද? සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්ද ? උණුකර නිවා නොගත් හෝ නිසි පරිදි පෙරා නොගත් ජලයේ විසබීජ තිබෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා . යම් ලෙසකින් නිසි පරිදි පෙරා නොගත් ජලය උණු ජලය සමග මිශ්‍ර කර භාවිතයට ගත්තොත් එවැනි අවස්ථාවකදී උණු ජලයේ තිබෙන ගුණාත්මක භාවයටද හානි ඇති වෙන්නට පුළුවන් . බොහෝ දුරට ළදරුවන්ට කිරි සැකසීමේදී උණුසුම් ජලය අවශ්‍ය වනවා . එවැනි විටෙක උණුකර තරමක් නිවා ගත් ජලය යොදා ගන්නවා හැරුණු විට උණු සහ ඇල් ජලය මිශ්‍රකර භාවිතය නුසුදුසුයි .
ඒ හැරුණු විට විශ්වාස කටයුතු මාර්ගයකින් තොරව ලබා ගන්නා ඇල් ජලය ,උණු ජලය සමග මිශ්‍ර කිරීම සුදුසු වන්නේ නැහැ .නමුත් නිසිලෙස පෙරාගත් ඇල් ජලය උණු කර ගත් ජලය සමග මිශ්‍රකර පානය ගැටලුවක් ඇති නොකරන බවද විශේෂයෙන් පැවසිය යුතුයි .
Comments
Post a Comment