සායනයට ගියේ ?
අම්මයි ,තාත්තයි , නංගීයි එක්ක සදමාලි ලිංගාශ්‍රීත රෝග සායනයට එනකොට හරියට ඇවිදගන්නවත් බැහැ . ඒ තරමටම ලිංගාශ්‍රීත ප්‍රදේශයේ තුවාල ඇතිවෙලා . වෛද්‍යවරියක් වශයෙන් කෙතරම් ප්‍රශ්න කළත් කිසිම දෙයක් සදමාලි කියන්න ලෑස්ති නැහැ .
මවගේ විස්තරේ
ඩොක්ටර් මෙයා හරිම හිතුවක්කාරයි .කියන කිසිම දෙයක් අහන්නේ නැහැ .මේ අවුරුද්දේ A/ L කරන්නත් ඉන්නේ. සදමාලිගේ අම්මා මේ විස්තරේ කරන විටත් එයාව පරීක්ෂා කරලා ඉවර වෙලා තිබුණු නිසා රෝගී තත්ත්වය ලිංගික හර් පීස් බව පැහැදිලි වුණා .මොනතරම් රෝගී තත්ත්වය ලිංගික ප්‍රදේශයේ පැතිරිලා ද කියනවා නම් සැරව ගලන තුවාල සහිත මට්ටමට රෝගී තත්ත්වය උත්සන්න වෙලා .එයාට ඇතිවෙලා තිබුණු රෝගයට ප්‍රතිකාර කරන්න රෝග ඉතිහාසය දැනගන්න ඕන නිසාත් එයා කිසිදෙයක් කථා නොකරන නිසා අඩුම තරමින් මෙයාට පෙම්වතෙක් ඉන්නවාද කියලාවත් දැනගන්නට අවශ්‍ය කළා .
ටික වේලාවකින් සදමාලිගේ අම්මා රෝගීන් පරීක්ෂා කිරීමේ කාමරයෙන් පිටවෙලා ගියත් සදමාලි තවමත් නිසොල්මන්. පුතා ඔයා මට ඇත්ත කියන්න . ඇත්ත නැතුව ඔයාට හැදිලා තියෙන ලෙඩේට මම හරියට කොහොමද බෙහෙත් කරන්නේ .ඩොක්ටර් ඒ විදිහට කිව්වහම මුලින් මොකුත් නොකීවා .
සදමාලි ටිකින් ටික ඇත්ත කියන්න පටන් ගත්තා ?
"අනේ මැඩම් අම්මලාට කියන්නන එපා . මම බෝයි කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා . එයා මට ගොඩක් ආදරේ කළා . අපි දෙන්නා යාළුවෙලා සති දෙකක් වෙනවා. පස්සේ අපි දෙන්නා එකට හිටියා .ටික දවසක් යනකොට එයා මාව මග අරිනවා කියලා මට තේරුණා . මට එතකොට දරාගන්න බැරි පාළුවක් දැනුණා . එයා මගේ කෝල් ,මැසේජ් වලට ආන්සර් කරේ රිප්ලයි කළේ නැහැ .
ටික දවසක් යනකොට මට ඊටත් වැඩිය හොද අයියා කෙනෙක් හම්බවුණා .
පස්සේ ඩොක්ටර් ටික දවසක් යනකොට මට ඊටත් වැඩිය හොද අයියා කෙනෙක් හම්බවුණා. ඒ ගොල්ලෝ ඔක්කොම A/ L කරලා ඉවර වුණ අය . මට තිබුණු පාළුවට තනිකමට මම එයා එක්කත් යාළු වුණා . එයා එක්කත් මම හිටියා . අවාසනාවන්ත විදිහට සදමාලි මේ විදිහේ පිරිමි ළමයි 5 දෙනෙක් සමග වරින් වර ලිංගික සබදතා පවත්වා තිබුණා . එයා කිසිම වෙලාවක ගෙදර කාටවත් මේ ගැන ඉගියකින් වත් දැනගන්නට ඉඩ තියලා නැහැ . ඒ අවස්ථාවේදී රෝගයට ප්‍රතිකාර කර එය යටපත් වුණත් A/ L විභාගය ආසන්න වෙනකොට ඇතිවුණු ආතතියත් එක්ක රෝගය නැවත වර් ධනය වි තිබුණා . හේතුව ලිංගික හර් පස් වෛරසය ශරීරයට ඇතුළු වුණාම මුළු ජීවිත කාලයටම ශරීරයෙන් ඉවත් නොවන නිසා .
ඒ වගේම හොදට ඉගෙන ගෙන ලස්සන අනාගතයක් ඇති කරගන්න තිබුණු කාලය ඒ වෙනුවෙන්ම කැප නොකර කෙටි කාලයක් තුළ ඇති කරගන්නා විශ්වාසය මත පදනම් වූ ලිංගික සම්බන්ධතා නිසා අනවශ්‍ය පිළිසිද ගැනීම් වගේම ජිවිත කාලයටම සුව නොවන වගේම භයානක කායික රෝගී තත්ත්ව මෙන්ම මානසික රෝග තත්ත්ව පිළිබද හොද අවධානයකින් කටයුතු කළ යුතුයි .
විශේෂයෙන් ගැහැණු දරුවෙකුගේ හොදම යාලුවා මව සහ පියාය ?
ඒ වගේම විවාහයට පෙර ලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීමේ ආදීනව වගේම ඇය ඉදිරියේදී විවාහ වුවහොත් සමාජයේ අන් අයටද ලිංගික වශයෙන් රෝගය සම්ප්‍රේෂණය වීමේ ඇති භයානක බවද හොදින් අවබෝධ කරගත යුතුයි . ඒ වගේම ඇය දරුවෙක් ප්‍රසූත කළහොත් ප්‍රසුති අවස්ථාවේදී නැවත ලිංගාශ්‍රීත ප්‍රදේශවල තුවාල ඇති වීමෙන් දරුවාට ද හර් පීස් වැළදීමේ යම් අවධානමක් තිබිය හැකියි .
Comments
Post a Comment