දරුවෙකුගේ තනිකම අසාමාන්‍ය දෙයක්

                                           දරුවෙකුගේ තනිකම අසාමාන්‍ය දෙයක් 


     සාරාංශය 

  • ආදරය අඩුවීම , අවධානය අඩුවීම ,කොන් කිරීම ,හිතට කණගාටුවක් ඇති වීම ,තම  මූලික අවශ්‍යතා නොලැබීම තමාගේ ප්‍රියයන්ගෙන් වෙන් වීම , (යහළුවන් ,නෑදෑයන් දෙමාපියන් ) වැනි සාධක මෙවන් හැසිරීමක් සදහා බලපාන ප්‍රධානතම සාධකයි .
  • යහළුවන්ගෙන් ඇතිවන බලපෑම්  ගුරුවරුන්ගෙන් වන බලපෑම් ,දරුවන් අතර ඇතිවන රණ්ඩු ,කොන් කිරීම් ,අපහාස , විහිළු තහළු ද මේ සදහා එකසේ බලපෑම් ඇතිකළ හැකියි . 
  • කුඩා දරුවන් මෙන්ම ළමාවිය ගත කරන දරුවන් තනිවීමට උත්සහා ගැනීම ඉතාම සැලකිල්ලට ගත යුතු කරුණකි . 

     හිතට  දුකක් ඇති වුණාම  මේ ලෝකේ තිබෙන සුන්දරම දේ මොකක්ද  ?

    නමුත්  සාමාන්‍ය ජීවිතයේදී වැඩිහිටියන්ගේ හැගීම් විද දරා ගන්න තනිකම කියන්නේ යහපත් දෙයක් වුණත්      දරුවෙකු තනිකමින් කාලය ගත කරනවා නම් එය බැලු බැල්මට යහපත් තත්ත්වයක් නම් වේය නොහැකියි . 

    තනිවීම මනෝ  විද්‍යාත්මක පැහැදිලි කිරීම් 

        පුද්ගලයෙකු තමන්ට ආවේණික පෞරුෂත්වයක් සමග ජිවත් වේ . ඇතැම් අය සමාජයෙන් කොන් වී  හෝ ඉවත් වී  තම ජිවිත ගත කරයි . අන් අය සමග වැඩිපුර කථා නොකරයි . අන් අයගේ දේවල් ගැන නොසොයයි . කිසිදු සමාජ ක්‍රියාකාරකමකට සම්බන්ධ නොවේ . අන් අයට කිසිදු කරදරයක් නොකරයි . තමාගේ නිවසේදී පවා නිදහසේ ජිවත් වීමට නිතරම උත්සහා ගනියි . අවට ලෝකයේ සිදුවන කිසිවක් පිළිබද දැනුමක්ද නොමැති විය හැකියි . ඉහත ලක්ෂණ අදාළ තැනැත්තන්ට ආවේණික පෞරුෂ ලක්ෂණයයි . ඉතා හොදින් සමාජ ජිවිතයක් ගත කළ අයෙක් එක් වරම සමාජයෙන් දුරස් වීම ,තනිවීමට උත්සහා ගැනීම වඩා විශේෂිත තත්ත්වයකි . 

     කුඩා දරුවන් තනි වෙන්න උත්සාහ ගන්නවාද ? 
                            

     කුඩා දරුවන් සමාජයෙන්  වෙන් වී තනිව සිටිමට උත්සාහ ගන්නා අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා . එවිට ඔවුන් කථා නොකරයි . එක පැත්තක් බලාගෙන සිටින අතර මුහුණේ ඉරියව් වෙනස්ව පවතියි . කොපමණ ප්‍රශ්න කළත් උත්තර නොදෙයි . සමහර දරුවන් තමන්ගේ මනසට දැඩි පීඩනයක් දුකක් වේදනාවක් අපේක්ෂාභංගත්වයක් ඇති වූ විටදී මෙවන් තත්ත්වයක් පෙන්නුම් කරයි . ආදරය අඩුවීම , අවධානය අඩුවීම , කොන් කිරීම , හිතට කණගාටුවක් ඇති වීම ,තම මූලික අවශ්‍යතා නොලැබීම ,තමාගේ ප්‍රියයන්ගෙන් වෙන් වීම (යහළුවන් ,නෑදෑයන්  ,දෙමව්පියන් ) වැනි සාධක මෙවන් හැසිරීමක් සදහා බලපාන ප්‍රධානතම සාධකයි . තමාට ඇතිවන ශාරීරික අපහසුතා ,දුබලතාවන් වගේම ලෙඩ රෝග  නිසා දරුවන්ට ඇතිවන මානසික ආතතිමය තත්ත්වය ද දරුවකු සමාජයෙන් කොන් වී ගත කිරීමට හේතු විය හැකියි .
තමන් බලාපොරොත්තු වන දේ ලබා නොදීම හෝ ලබා ගැනීමට නොහැකි වීම දරුවන් මෙලෙස හදිස්සියේම තනි වී සිටීමට හේතු වේ . ඒ වගේම අනෙකුත් දරුවන්ට හිමි තවත් සමහර දේවල් තමාට නොලැබීමෙන් දරුවකු අපේක්ෂා  භංගත්වයට පත්විය හැකියි . 

බිය නිසාත් දරුවන් තනිවීමට උත්සහා කරනවාද ? 

     සමහර දරුවන් විවිධ දේ සදහා බියවීම නිසා තනි වි ජීවිතය ගත කරයි . පුද්ගලයන්ට ,සතුන්ට , ස්ථාන හා ක්‍රියාවලි සදහා පවත්නා වූ විවිධාකාර මෙන්ම අස්වාභාවික බිය  මේ සදහා හේතු වේ . මෙම මානසික රෝගී තත්ත්වය  Phobia ලෙස හැදින්වේ . මෙවැනි තත්ත්වයන් තුළ ජිවත්වන දරුවකු තුළ ඉහත සදහන් කළ ආකාරයේ වෙනස්කම් රාශියක් පවතින අතර ඔවුන්ට අදාළ ප්‍රතිකාර නිසි පරිදි ලබාදීමද ඉතා වැදගත් .
  















Comments