ග්‍රීන් ටී නිසා වකුගඩුවලට , අක්මාවට හානි වනවාද ?

                                             ග්‍රීන් ටී නිසා වකුගඩුවලට , අක්මාවට හානි වනවාද ? 

        ග්‍රීන් ටී  කෝප්පයක් හෝ දෙකක් දිනකට පානය කිරීම අක්මාවට හෝ වකුගඩුවලට අහිතකර නොවේ .නමුත් ඔබ දිනකට තේ කෝප්ප 5 ,6 ක් පානය කරන බව සදහන් කර තිබෙනවා . නමුත් ග්‍රීන් ටී වල ඔක්සලේට් නැමැති රසායන ද්‍රව්‍යයක් අඩංගු වේ . මෙම ඔක්සලේට් අධික ලෙස ශරීරගත වීම නිසා වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීමේ අවධානමක් තිබේ . ඒ වගේම දැනටමත් වකුගඩුවල ගල් තිබෙන සහ ගල් ඇතිවීමේ ජානමය ප්‍රවණතාවක් ඇති අයට  ග්‍රීන් ටී අධිකව පානය කිරීම කිසිසේත්ම සුදුසු නොවේ . ඒ නිසා  ග්‍රීන් ටී කෝප්පයක් හෝ දෙකක් දිනකට පානය කිරීම ගැටලුකාරී නොවුණත් අධික ලෙස පානය කිරීමෙන් වකුගඩුවල ගල් ඇතිවීම හා ඉන් පසුව ඇති වන වකුගඩුව ආශ්‍රිත අකර් මාන්‍යතාවලට හේතුවිය හැකියි .



Comments