පීනස නිට්ටාවට සුව කරන්න බැරිද ?

                                          පීනස නිට්ටාවට සුව කරන්න බැරිද ?

     පීනස් රෝගය ඇති බවත් විවිධ ප්‍රතිකාර ක්‍රම ලබා ගත්තත් නිට්ටාවටම සුවයක් නොලැබුණු බවය .නමුත් ඔබ කෙසේ එම රෝගය නිෂ්චය කරගත් ආකාරය පිළිබද පැහැදිලි කමක් නැත. බොහෝදෙනෙක් රෝග ලක්ෂණ අනුව තමාට පීනස ඇතැයි සිතනවා .නමුත් එම රෝග ලක්ෂණ හා සම්බන්ධ නාසය ආශ්‍රිත වෙනත් රෝගත් තිබිය හැකියි. උදාහරණ ලෙස කෝටර ප්‍රදාහය ,නාසයේ මස් දළු නාසයේ ඇතිවන ගෙඩි පිළිකා නිසාද මෙවැනි රෝග ලක්ෂණ මතු විය හැක .පීනස පිළිබදව සලකා බැලුවහොත් පීනස නිට්ටාවටම සුව කිරීමට වඩා එය පාලනය කිරීම පිළිබද සාකච්ජාවට ලක් වේ.තමාට එදිනෙදා කටයුතු කර ගැනීමට අවශ්‍ය ලෙස රෝගය පාලනය කිරීමෙන් ජිවිතයේ ගුණාත්මක අගය වැඩි කිරීමට පමණක් පීනසට ප්‍රතිකර් ම කිරීමේදී වෛද්‍යවරයා අරමුණු කර ගනියි. නමුත් මෙහිදී නිසි පරීක්ෂාවක අවශ්‍යතාව වන්නේ ඔබ පීනස යැයි නිතර සිතමින් සිටින්නේ නාසය තුළ ඇති වෙනස් රෝගී තත්ත්වයක් නම් එය බොහෝ සංකුලතාවන් ඇති කළ හැකි නිසයි .එබැවින් වඩාත් වැදගත් වන්නේ නාසය තුළට කැමරාවක් ඇතුළු කිරීමෙන් සිදු කරන පරීක්ෂණයක් මගින් හෝ C .T ස්කෑන් පරීක්ෂණයක් මගින් අදාළ තත්ත්වය නිවැරදිව හදුනා ගැනීමටත් ,ඉන් පසුව එය හොදින් පාලනය කිරීමට උත්සාහ ගැනීමත්ය .ඔබගේ හිසකෙස් සුදු වීම පිළිබදව එක එල්ලේ පිළිතුරක් ලබා දීමට අපහසු වුවත් චර් ම රෝග වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඊට ප්‍රතිකාර සිදු කිරීම වඩාත් සුදුසු වේ. නමුත් ඇතැම්විට දීර් ඝකාලීන පීනසේ සංකේතයක් ලෙස හිසකෙස් සුදුවීමට ඉඩකඩ ඇති බැවින් පීනසට නිසි ප්‍රතිකාර යෙදීම මගින් ඔබට අදාළ රෝග තත්ත්වය සාර් ථකව  පාලනය කළ හැකියි . 

                                                   

       





Comments