කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන ලෙඩ රෝග අතර හිස්හොරි කියන්නේ ඉතාමත් සුලබ රෝග තත්ත්වයක් .යම් ලෙසකින් හිස්හොරි ඇති අයෙක් භාවිතා කරන තුවායක් හුවමාරු කර ගැනීමෙන් අනෙක් තැනැත්තාට ඒ තත්ත්වය බෝ වීමේ ඉඩකඩක් තිබෙන්නට පුළුවන්ද? විමසා බලමු .
හිස්හොරි යනු බෝවෙන රෝගී තත්ත්වයක් නොවෙයි .නමුත් හැකි සෑම විටම බොහෝ පෞද්ගලික බඩු භාණ්ඩ පෞද්ගලිකව තබා ගැනීම ඉතා වැදගත් . විශේෂයෙන් තුවා ,පනා ,දත්බුරුසු වගේ දේවල් .නමුත් හිස්හොරි රෝග ලක්ෂණ පෙන්නුම් කරන වෙනත් රෝග තත්ත්ව තිබෙන්නට පුළුවන් .පොතු , කබර වැනි රෝග ඒ යටතට ගැනෙනවා . මීට අමතරව ඇතැම් දිලීර ආසාදන නිසා මෙවැනි ඉස්හොරි තත්ත්වයන් ඇතිවිය හැකි අතර එවැනි රෝගී තත්ත්ව නම් ඉතා පහසුවෙන් පනා ,තුවා හුවමාරුව තුළින් බෝවෙන්නට පුළුවන් . මීට අමතරව බැක්ටීරියා ආසාදන ඉතා පහසුවෙන් බෝවෙන්නට පුළුවන් . නමුත් සාමාන්‍ය හිස්හොරි තත්ත්වයක් එකම තුවාය හුවමාරු කර ගැනීම මගින් බෝවෙන්නේ නැහැ .
Comments
Post a Comment