ජංගම දුරකථනය පිළිකාකාරකද ?
ජංගම දුරකථනය පිළිකා කාරක සම්බන්ධව ලෝකය පුරා දැනටමත් පර් යේෂණ ගණනාවක් සිදු කර තිබේ . එම පරීක්ෂණ වලින් ඇතැම් පරීක්ෂණ ජංගම දුරකථනවල විකිරණවලට අධිකව නිරාවරණය වන පිළිකා ඇති වීමේ යම් අවධානමක් ඇති කරන බව පෙන්වා දී තිබේ .එසේ වුවත් තවමත් මේ බව ස්ථිරවම තහවුරු කරගෙන නොමැති අතර මේ වන විටත් පරීක්ෂණ මට්ටමේ පවතින ගැටලුවක් ලෙස මේ පිළිබද පැහැදිලි කර හැකියි .නමුත් බොහෝදුරට ජංගම දුරකථන මගින් යම් බලපෑමක් ඇති වනවා නම් වර් ධනය වෙමින් පවතින මොළයකට (කුඩා දරුවන්ගේ ) හානිකර විය හැකියි .නමුත් ඊට සාපේක්ෂව වර් ධනය වූ මොළයකට (වැඩිහිටියන්ට) එහි අඩු හානියක් දැකගත හැකියි .නමුත් විවිධ දුරකථන වර් ග මෙන්ම එහි නිමැවුම් තාක්ෂණ අනුව විවිධ මෙම විකිරණශීලී භාවය වෙනස් වේ. කෙසේ වුවත් ජංගම දුරකථනවලින් පිළිකා ඇතිවන බවට පැහැදිලිව තහවුරු කරගෙන නොමැති වුවත් දීර් ඝ වේලාවක් දුරකථන සමග ගැටෙමින් කටයුතු කිරීම නුසුදුසු බව සදහන් කළ යුතුයි. මෙම ජංගම දුරකථන මේ වන විට අති දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කර හැකි තරම් විකිරණශීලි බවින් තොර නිමැවුම් නිෂ්පාදනයට කටයුතු කරන බවද විශේෂයෙන් සදහන් කළ යුතුයි .
Comments
Post a Comment